වැලිපතයාය මධ්‍ය මහා විද්‍යාලයීය නර්තන කණ්ඩායමට කලාප ජයක්
- 2018-08-31 21:30:42
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සමස්ත ලංකා නැටුම් හා මුද්‍රා නාට්‍ය තරගාවලියේ දාහට අඩු පාසල් කාණ්ඩයේ 10-13 ශ්‍රේණි සමූහ කාන්තා තරගයේ ”අසදෘස වන්නම” ඉදිරිපත් කළ බළන්ගොඩ වැලිපතයාය මධ්‍ය මහා විද්‍යාලයීය කණ්ඩායම බළන්ගොඩ කලාපයේ ප්‍රථම ස්ථානය දිනා සබරගමු පළාත් තරගාවලියට සුදුසුකම් ලැබීමට සමත් වූහ.
අදාළ තරග බළන්ගොඩ විද්‍යාලෝක මහා විද්‍යාලයේ දි පසුගිය 11 වැනි දින පැවැති අතර එහි කාන්තා ඒකල තරගයේ පොල් පදය ඉදිරිපත් කළ එම විද්‍යාලයේ 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන එන්.එච්. දුලක්‍ෂි මධුශානි ශිෂ්‍යාව ප්‍රථම ස්ථානය දිනා සබරගමු පළාත් තරගාවලියට සුදුසුකම් ලබා ඇත.විදුහල්පතිනි මල්කාන්ති බොතේජු මහත්මියගේ උපදෙස් පරිදි විද්‍යාලයේ නැටුම් විෂයභාර ආචාරිනි පි.එල්.එස්.කේ.කුරේ මහත්මියගේ පුහුණු කිරිම් මත මෙම ජයග්‍රහණ ලබා ඇත.
(කල්තොට-බුදුගල සෝමරතන හිමි)
Reply To:
Name - Reply Comment
0 Comments