ගණිත අංශයෙන් මහනුවරින් පළමු තැන ත්‍රිත්ව විදුහලේ රහල්ට
- 2017-01-10 19:08:32
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මෙවර අ. පො. ස. උසස් පෙළ විභාගයට ගණිත විෂය ධාරාව යටතේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉදිරිපත් වූ, මහනුවර ත්‍රිත්ව විදුහලේ රහල් තාරක නානායක්කාර ශිෂ්‍යයා මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානයටත්, දිවයිනේ 14වැනි ස්ථානයටත් පත් ව ඇත.
පළමු වසරේ සිට ම ත්‍රිත්ව විදුහලේ ඉගෙනුම ලැබූ රහල් නානායක්කාර සාමාන්‍ය පෙළ විභාගයෙන් ද ‘A’ නවයක් හිමි කර ගත්තේ ය. විෂය හා විෂය බාහිර ක්‍රියාකාරකම්වල ද උනන්දුවෙන් යෙදුණු ඔහු පොත්පත් කියවීමත්, ගවේෂණ චාරිකාවල නියැලීමත් විනෝදාංශ කර ගෙන ඇත. ඔහු තම ජයග්‍රහණය සඳහා කැපවූ දෙමවුපියන්ටත්, විදුහල්පතිතුමාටත්, පන්ති භාර ගුරුතුමා ඇතුළු ඇදුරු මඩුල්ලටත්, පන්තියේ මිතුරන්ටත්, තම සොහොයුරු රජීව්ටත් සිය ස්තුතිය පුද කරයි.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දන්ත වෛද්‍ය පීඨයේ නිර්වින්දන විශේෂඥ වෛද්‍ය සමන් නානායක්කාර මහතාගේත්, එම විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ඉන්දුමතී නානායක්කාර මහත්මියගේත් වැඩිමහල් පුතණුවන් වූ රහල් ඉංජිනේරුවකු වී රටට සේවය කිරීමට ආශාවෙන් සිටී.
(ඇන්ටන් විජේරත්න විසිනි)
Reply To:
Name - Reply Comment
0 Comments