විශේෂ අවශ්‍යතා සහිත සිසුන්ගේ නිර්මාණ ප්‍රදර්ශනයක්
- 2017-10-06 21:17:34
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
හාලිඇළ දෙමළ මහ විදුහලේ විශේෂ ඒකකයේ අධ්‍යාපනය ලබන විශේෂ අවශ්‍යතා සහිත සිසු සිසුවියන් ඉදිරිපත් කළ අලංකාර නිර්මාණ ප්‍රදර්ශනයක් ඌව පළාත් සහකාර අධ්‍යාපන අධ්‍යක්‍ෂ ඩී.එම්.පී.කේ.දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් එම විද්‍යාලයේදී පසුගියදා පැවැත්වුණි.
එම සිසු සිසුවියන් නිර්මාණය කළ කෘත්‍රිම මල්, රෙදි ආශ්‍රිත නිර්මාණ, කඩදාසි හා රිබන් ආශ්‍රිත නිර්මාණ, ඉවත ලන දේ ඇසුරින් කළ විසිතුරැ නිර්මාණ, චිත්‍ර, විවිධ අනුරෑ ආදි නිර්මාණ රාශියක් ප්‍රදර්ශනයට ඇතුළත් විය.
විශේෂ අවශ්‍යතා සහිත සිසුන්ගේ සහජ දක්‍ෂතා සහ නිර්මාණ කුසලතා ඔප් නැංවීමේ අරමුණින් බ/හාලිඇළ දෙමළ මහා විදුහලේ විදුහල්පති කේ.චන්ද්‍රබෝස් මහතාගේ උපදෙස් මත විද්‍යාලයීය විශේෂ ඒකකය භාර ආචාරිනී ඩී.කේ.එන්.රිමාෂා මහත්මිය ඇතුළු ගුරැ මණ්ඩලයේ මෙහෙයවීමෙන් සංවිධානය කොට තිබිණි.

(සටහන හා සේයාරෑ : හාලිඇළ- විජේරත්න රත්නායක)
Reply To:
Name - Reply Comment
0 Comments