වෙන්දේසියාය විද්‍යාලයේ සිතුම්ට පද්‍ය ගායනා පළාත් ජයක්
- 2018-01-22 11:56:03
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
වියලුව අධ්‍යාපන කොට්ඨාසයට අයත් මීගහකිවුල බ/ වෙන්දේසියාය විද්‍යාලයේ 11 වැනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන ඩී. එම්.සිතුම් දමින්ද අබේරත්න සිසුවා 2017 - සිංහල භාෂාව හා සාහිත්‍යය තරගාවලිය යටතේ පැවැති පද්‍ය ගායනා තරගයෙන් ඌව පළාතේ ප්‍රථම ස්ථානයත් ,සමස්ත ලංකා තරගයෙන් තෙවැනි ස්ථානයත් හිමිකර ගැනීමට සමත්ව ඇතැයි විදුහල්පතිවරයා පැවැසීය.
එසේම ඔහු 2016 වසරේදී ද සිංහල භාෂාව හා සාහිත්‍යය තරගාවලිය යටතේ පැවැති දහවැනි ශ්‍රේණිය පද්‍ය ගායනා තරගයෙන් ඌව පළාත් ප්‍රථම ස්ථානයත් සමස්ත ලංකා මට්ටමේ පස්වැනි ස්ථානයත් හිමිකරගෙන ඇත.
මෙම ජයග්‍රහණවලට අමතරව මීගහකිවුල කොට්ටාස, වියලුව කලාප , බදුල්ල දිස්ත්‍රික් හා ඌව පළාත් තරග රුසකින්ද ඔහු විවිධ ජයග්‍රහණ රුසක්ම හිමිකරගෙන ඇතැයිද විදුහල්පතිවරයා පැවැසීය
විදුහල්පති ඩී. එම්. නන්දසේන මහතාගේ උපදෙස් හා මග පෙන්වීම මත සංගීත විෂය භාර ඩී. එම්. තාරක ප්‍රියභාෂණ හා සිංහල විෂය භාර එස්. ජේ.එම්. කේ. පී . ප්‍රියභාෂණ යන මහත්ම මහත්මීන්ද ඩී.එම්. සිතුම් දමින්ද අබේරත්න සිසුවා මෙම තරගාවලිය සඳහා සූදානම් කර ඇත.
(වියලුව වාර්තාකර නිශාන්ත කුමාර)
Reply To:
Name - Reply Comment
0 Comments