වේවැල්කඳුර විදුහලේ පරිසර නියමුවන්ට පදක්කම්
- 2018-06-26 18:28:28
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ර/වේවැල්කඳුර විද්‍යාලයේ පරිසර නියමු සාමාජික සාමාජිකාවන් වෙත නිල ලාංඡන පැලඳවීම සහ සහතික පත් ප්‍රදානය එම විද්‍යාලයේ දී පසුගියදා පැවැත්වුණි.
මෙහිදී පරිසර නියමු සිසු සිසුවියන් තිස් දෙනෙකුට පමණ නිල ලාංඡන පැලඳවීම සිදු කෙරැණු අතර මෙයට අමතරව පාසලේ අනෙක් සිසු සිසුවියන්ට ද පරිසර ක්‍රියාකාරකම් අගයමින් සහතික පත්‍ර ප්‍රදානය කිරීමද සිදු කෙරැණි.
විද්‍යාලයේ විදුහල්පති කපිල බණ්ඩාරවත්ත මහතාගේ ආරාධනයෙන් මෙම අවස්ථාවට නිවිතිගල සහකාර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ඊ. ජී. ජයතිලක, මධ්‍යම පරිසර අධිකාරියේ ජ්‍යෙෂ්ඨ පරිසර නිලධාරි සරත් චන්ද්‍රසිරි යන මහත්වරැ ද පරිසර නියමු කලාප කොමසාරිස් සමන් බලංගොඩ යන මහත්වරැ ද, පරිසර විෂය සම්බන්ධ විද්‍යාලයේ ආචාර්ය තාරිකා අබේනායක මිය ඇතුළු පරිසර අධිකාරියේ නිලධාරිහු අවට පාසල්වල විදුහල්පතිවරැ, මාපියෝ සහභාගි වූහ.
(උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම)
Reply To:
Name - Reply Comment
0 Comments