ශ්‍රි නන්දනාරාම දහම් පාසලේ සිසු සිසුවියන්ගෙන් සද්කාර්යයක්
- 2018-09-18 20:50:48
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
යූත් විත් ටැලන්ට් ගමට කෝටියක් ප්‍රජා සත්කාරක වැඩසටහන යටතේ සාධු සම්මත සමාජයක් උදෙසා විල්ගමුව සත්සර යෞවන සමාජය සහ උණගොල්ල ශ්‍රි නන්දනාරාම දහම් පාසලේ සිසු සිසුවියන් විසින් සිදුකරන ලද ගිලානෝපාස්ථාන වැඩසටහනක් අධි පොසොන් පොහෝදිනය විල්ගමුව නුගගොල්ල ගම්මානයේදි පැවැත්වුණි.
නුගගොල්ල ප්‍රදේශයේ පදිංචි එච්.එම් මුතු මැණිකේ මාතාවට උපස්ථාන කරමින් ඇය නහවා අලුත් ඇදුම් අන්දවා අයට කැවිලි පෙවිලි මෙන්ම තැගි බෝගද ලබා දුන් අතර උණගොල්ල ශ්‍රි නන්දරාම දහම් පාසලේ සිසු සිසුවියෝ එම කටයුතු සිදු කළහ.
මෙම දහම් පාසලේ සිසු සිසුවියන්ගේ අධ්‍යාත්මික දැනුම මෙන්ම සුචරිතවත් සමාජයක් ගොඩගැනීමේ අරමුණ ඇතිව සැම මසකම මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.
මෙම වැඩසටහන විල්ගමුව ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛාකාධිකාරි ,ශ්‍රි නන්දනාරාම දහම් පාසලේ අනුශාසක උඩවෙල සුමේධ හිමියන්ගේ අනුශාසනා පරිදි ප්‍රධානාචාර්ය පි.ජි.ඒ රාජපක්ෂ මහතාගේ මගපෙන්විම මත දහම් පාසලේ ආචාර්ය මණ්ඩලය සහ විල්ගමුව සත්සර යෞවන සමාජයේ සභාපති දිලාන් මධුංශක යන මහත්වරැ මෙම පින්කම සංවිධානය කරති.
(මාතලේ විශේෂ මහේෂ් කිර්තිරත්න)
Reply To:
Name - Reply Comment
0 Comments