ශ්‍රී ජයවර්ධනපුර කලාප ඉංග්‍රීසි සතිය මාලඹේ ආදර්ශ පිරිමි විදුහලේ දී
- 2018-10-01 16:04:29
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශ්‍රී ජයවර්ධනපුර අධ්‍යාපන කලාපය පාසල් මට්ටමින් සංවිධානය කළ %ඉංග්‍රීසි සතිය^ නිමිත්තෙන් විශේෂ උත්සවයක් මාලඹේ ආදර්ශ පිරිමි විද්‍යාලයීය අභිනව තෙමහල් ශ්‍රවණාගාර පරිශ්‍රයේදී පසුගියදා පැවැත්වුණි.
බස්නාහිර පළාත් ඉංග්‍රීසි විෂය අධ්‍යක්ෂිකා ලීනා විජේසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයේදී නාට්‍ය, නර්තනාංග, ගීත, සාකච්ඡා හා කථන ආදී වැඩසටහන් රුසක් ඉදිරිපත් කෙරිණි.
මාලඹේ ආදර්ශ පිරිමි විද්‍යාලයේ විදුහල්පති සිසිර ගුණරත්න මහතාගේ උපදේශකත්වයෙන් හා ඉංග්‍රීසි විෂය භාර ආචාරිනී හා සම්බන්ධීකාරක කුෂ්ලානි දාබරේරා මහත්මියගේ මූලිකත්වයෙන් මෙම වැඩ සටහන සම්පාදනය කළ අතර, ඒ සඳහා සියලුම ඉංග්‍රීසි විෂය භාර ගුරැ මහත්ම මහත්මීහු හා ද්වි භාෂාවෙන් අධ්‍යාපනය හදාරන සියලුම සිසුහු හා මවුපියන් පූර්ණ දායකත්වය ලබා දුන්හ.
(බෙත්මි අමල්යා)
Reply To:
Name - Reply Comment
0 Comments