Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

    ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය මඟින් දීප ව්‍යාප්තව පවත්වනු ලබන පාසල් ජනමාධ්‍ය වැඩමුළු මාලාව යටතේ බදුල්ල හා බණ්ඩාරවෙල අධ්‍යාපන කලාපවල පාසල් ආවරණය වන පරිදි පාසල් මාධ්‍ය වැඩමුළු දෙකක් බදුල්ල නගර ශාලා ශ්‍රවණාගාරයේදී හා බණ්ඩාරවෙල ධර්මාශෝක විද්‍යාලයේදී පසුගියදා පැවැත්වුණි.
මාධ්‍ය සාක්ෂරතාව හා රසවින්දනය ගැන පාසල් සිසුන් දැනුම්වත් කිරීමේ අරමුණින් පැවැත්වුණු මෙම වැඩමුළු සඳහා එම අධ්‍යාපන කලාප නියෝජනය කරමින් සිසුහු 800 ක් පමණ සභභාගී වූහ.
කැලණිය විශ්වවිද්‍යාලයේ හිටපු ජනසන්නිවේදන අධ්‍යයන අංශ ප්‍රධානී සම්මානිත මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර, ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කථිකාචාරිනී වාසනා මෛත්‍රී හේරත්, සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ නාට්‍ය රංගකලා හා මුද්‍රා නාට්‍ය අධ්‍යයන අංශයේ හිටපු අංශාධිපති ප්‍රසන්නජිත් අබේසූරිය යන මහත්ම මහත්මීහු මෙම වැඩමුළු දෙකෙහි සම්පත් දායකයන් ලෙස කටයුතු කළහ. 
බදුල්ල දිස්ත්‍රික් ලේකම් දමයන්ති පරණගම, ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති අධිනීතිඥ කොග්ගල වෙල්ලාල බන්දුල, ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ පුවත්පත් කොමසාරිස් නිරෝෂණ තඹවිට, සහකාර කොමසාරිස් අයේෂ් විජේසිංහ, සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ මදුරා චන්ද්‍රරත්න, ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ ගණකාධීකාරී කුෂාන් දේවප්‍රිය යන මහත්ම මහත්මීහු ද ධර්මාශෝක විද්‍යාලයේ විදුහල්පතිතුමා ඇතුළු අමුත්තෝ රුසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.
සහභාගි වූ සියලුම සිසුන් වෙනුවෙන් වැඩමුළුව අවසානයේ සහභාගිත්ව සහතිකයක් හා පාසල්වල පුස්තකාල සඳහා වටිනා ප්‍රකාශන කට්ටලයක් ලබාදීමට ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය මඟින් කටයුතු කෙරිණි.
ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව සමග එක්ව ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ බදුල්ල දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය මෙම වැඩමුළු සංවිධානය කොට තිබිණි.


( සටහන හා සේයාරෑ: හාලිඇළ- විජේරත්න රත්නායක )

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.