Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

“අනාගතයේදී ඉංජීනේරුවකු ලෙස මා ඉපදුණු රටට ඉහළ සේවයක් කරන්න බලාපොරොත්තුවෙන් මම කාලය කැප කරනවා “යැයි මේවර ශිෂ්‍යත්ව විභායෙන් ලකුණු 199ක් ලබා ගැනීමට සමත් වූ එච්.එම්.අදීෂ නෙතුම් හේරත් අද (06) ලංකාදීපයට පැවැසීය.

අදීෂ නෙතුම් පසුගිය අගෝස්තු මාසයේ පැවැති ශිෂ්‍යත්ව විභාගයට ගල්ගමුව සිරිමාවෝ බණ්ඩාරණායක ප්‍රාථමික විද්‍යාලයෙන් ඉදිරිපත් වී ලකුණු 199 ලබා ගනිමින් මේවර ශිෂ්‍යත්ව විභායෙන් සමත් වී තිබේ.

තම ජීවිතයේ ප්‍රථම කඩඉම් අභියෝගයට පෙනී සිට එහි ඉහළම ලකුණු ප්‍රමාණයක් ලබා ගැනීමට විභාගය සඳහා සුදානම් වූ ආකාරය පිළිබඳව අදීෂ නෙතුම් වැඩිදුරටත් මෙසේ ද පැවැසීය.

        ‘‘ප්‍රතිඵල නිකුත් කළා කියලා ආරංච් වුණු වෙලාවේ ඉඳලාම මම ගොඩක් ආසවෙන් බලාගෙන හිටියේ මගේ ප්‍රතිඵල දැනගන්න.මගේ ප්‍රතිඵල බලලා තාත්තා තමයි මට කිව්වේ මම 199ක ඉහළම ලකුණු ප්‍රමාණයක් ලබා ගෙන විභාගය සමත් වෙලා තියෙනවා කියලා.මට ඒ වෙලාවේ කියා ගන්න බැරි තරම් ලොකු සතුටක් ඇති වුණා.

පාසලේදී හා නිවසේ දී හොඳින් අධ්‍යාපන කටයුතු කළ නිසා මට මේ වගේ ඉහළ ලකුණු ප්‍රමාණයක් ලබා ගන්න හැකි වුණා.මගේ පාසලේ විදුහල්පතිතුමා ඇතුළු සියළු ගුරුවරුන් හැම වේලාවෙම අපිට හොඳින් ඉගැන්වීම් කටයුතු සිදු කළා.පාසල් වේලාවෙන් පසුවත් විවිධ බාහිර ක්‍රියාකාරම්,කඳවුරු පවත්වමින් ඔවුන් අපිව විභාගයට මුහුණු දීම සඳහා හොඳින් සුදානම් කළා.

ඉකෝලේ දී කියා දෙන හැම දෙයක්ම මම හොඳින් අහගෙන හිටියා.අමතක නොකර හවස ගෙදර ඇවිත් පාසලේ දී දුන්න වැඩ සියල්ලම කළා.අමතර ප්‍රශ්න පත්‍රවලට පිළිතුරු ලිව්වා.අමතර පන්තිවලට සහභාගී වුණා.මම මේ දේවල් කළේ ගොඩක් ආසාවෙන්.අම්මා තාත්තා මේ දේවල් කරන්න කියලා මට බලපෑම් කළේ නැහැ.

මම ක්‍රිකට්වලට ගොඩක් ආසයි.විවේකයක් ලැබුණු හැම වේලාවකම මම සෙල්ලම් කළා.රූපවාහිනීය නැරඹුවා.පොත් කියෙව්වා.බාහිර ක්‍රියාකාරකම්වල නියැලුණා.මේ හැම දෙයක්ම සමබරව කරගෙන යන්න මට පුළුවන් වුණා.

හොඳින් ඉගෙනගෙන අනාගතයේදී ඉංජීනේරුවකු ලෙස මා ඉපදුණු රටට ඉහළ සේවයක් කරන්න මම බලාපොරොත්තු වෙනවා.මේ ජයග්‍රණය ලබා ගන්න මට ගොඩක් දෙනෙක් උදවු කළා.මගේ අම්මා තාත්තා අක්කලා දෙන්නා හැම වේලාවෙම මට උදවු කළා.අමාරු දේවල් කියලා දුන්නා.ඒ වගේම පාසලේ විදුහල්පති වරුණ බණ්ඩාර සර් සහ පන්තියේ ඉගැන්වීම් කටයුතු කළ සරත් කුමාර ,චන්දන තෙන්නකොන් සහ පුබුදු රණසිංහ සර්ලා  හැම වේලාවක දීම අපිව හොඳින් විභාගය සඳහා සුදානම් කළා.

පළමු ශ්‍රේණියේ සිට මේ දක්වා මට ඉගැන්වීම් කටයුතු කළ සියළු ගුරුවරුන්ට මම මේ වේලාවේ ස්තුති කරන්වා.ඒ සියළු දෙනා නිසයි මට මේ ජයග්‍රහණය ලැබීමට හැකි වුණේ.‘‘ යැයි අදීෂ නෙතුම් සිසුවා කීය.

තම දරුවා ලැබු ජයග්‍රහණය පිළිබඳව අදීෂ සිසුවාගේ පියා වන එච්.එම්.විජය කුමාර හේරත් මහතා මෙසේ පැවැසීය.

     ‘‘මගේ දරුවා මේවර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 199ක් ලබා ගැනීම පිළිබඳව මට ගොඩක් සටුතුයි. ඒ වගේම අඩාම්බරයි.මම ගල්ගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ජනපද නිලධාරීයකු ලෙස සේවය කරනවා.මගේ බිරිඳත් අනුරාධපුර මධ්‍යම පරිසර අධිකාරී කාර්යාලයේ පරිසර නිලධාරීනියක ලෙස සේවය කරනවා.මේ මගේ බාල පුතා තව දුවලා දෙන්නෙක් අපිට ඉන්නවා.

බිරිඳත් මමත් රැකියාව නිම කරලා නිවසට එන විට ගොඩක් රෑ වෙනවා.ඒ වුණත් දරුවන් පිළිබඳ සොයා බැලීම ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු කිසිම හේතුවකින් මඟ ඇරෙන්න අපි ඉඩ තිබ්බේ නැහැ.

මාගේ ලොකු දුව එච්.එම්.ශදනි නෙත්මිකා ඇයත් 2016 වර්ෂයේ දී ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දී 192 ලකුණු ප්‍රමාණයක් ලබා ගෙන කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තුන්වැනි ස්ථානය ලබා ගත්තා.ඒ වගේම සනුජී ඉමල්ෂා මගේ බාල දුවත් 2017 වර්ෂයේ දී ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දී ලකුණු 184 ලබා ගත්තා.මේ දෙදෙනාම කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේ මේවන විට ඉගෙනුම ලබනවා.

මගේ පුතා අදීෂ ඉගෙනීමේ කටයුතුවලට ගොඩක් දක්ෂයි.පාසලේ දී වගේම නිවසේ දීත් හොඳින් වැඩ කටයුතු සිදු කළා.නිවසේ සිටිනවාටත් වඩා පාසලේදී ඔහු ඉතාම කීකරු දරුවකු ලෙස වැඩ කරන බව ඔහුට ඉගැන්වීම් කටයුතු සිදු කරන ගුරුවරුන් මා සමඟ ප්‍රකාශ කළා.

ඔහු පාසලේ පැවැත්වෙන වාර විභාගවලදී ප්‍රශ්න පත්‍ර සියල්ලට වගේ ලකුණු 90 වේ කඩඉම පසු කරමින් ලකුණු ගන්නවා. ඒ වගේම පුතා පන්තියේ පළමු වැනියත් වෙනවා.පාසලේ කටයුතු වගේම බා හිර ක්‍රියාකරම් සඳහාත් ඔහු හරිම උනන්දුයි.මෙම ජයග්‍රණය ලබා ගැනීම පුතාට ඉගැන්වීම් කටයුතු කළ සියළු ගුරුවරුන්ටත් විදුහලේ විදුහපල්පති වරුණ බණ්ඩාර මහතාටත් මගේ හද පිරි ස්තුතිය පුද කරනවා.‘‘

අදීෂ නෙතුම්ගේ ජයග්‍රහණය සම්බන්ධයෙන් ගල්ගමුව සිරිමාවෝ බණ්ඩාරනායක ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පති ඩබ්ලිව්.එම්.වරුණ බණ්ඩාර මහතා ලංකාදීපය වෙත මෙසේ අදහස් දැක්වීය.

     ‘‘අදීෂ නෙතුම් පුතාගේ මෙම ප්‍රතිඵලය පිළිබඳව අපි බලාපොරොත්තුවෙන් සිටියා.ඒ වගේම ඔහු ලකුණු 199 ක් ලබා ගනිමින් දක්ෂ ලෙස විභාගය සමත් වුණා.

ඔහු අධ්‍යාපන කටයුතුවලට වගේම බාහිර වැඩවලටත් දක්ෂ කීකරු දරුවෙක්. අදීෂගේ අක්කලා දෙන්නත් අදීෂ වගේම දක්ෂයි. ඔවුන් දෙදෙනාත් පසුගිය වසරවල උසස්ම ලකුණු ලබා ගනිමින් විභාගය සමත්වුණා.

මෙම ප්‍රතිඵලය අදීෂට සහ විද්‍යාලයට හිමිකර දීම සඳහා 1 ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා ඉගැන්වීම් කටයුතු කරන සියළු ගුරුවරුන්,ඔහුගේ දෙමාපියන් ආදී සියලු දෙනා සම්බන්ධ වුණා.මෙය අපි සියලු දෙනා ලැබු ජයග්‍රහණයක්.‘‘යැයි විදුහල්පතිවරයා වැඩිදුරටත් කීය. (මනෝජ් හර්ෂික)

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.