සමස්ත ලංකා ගණිත ඔලිම්පියාඩ් තරගාවලියට හාලිඇළ ජාතික පාසලෙන් තිදෙනෙක්
- 2019-10-24 10:13:24
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
බ/හාලිඇළ ජාතික පාසලේ සිසු සිසුවියන් තිදෙනෙක් සමස්ත ලංකා ගණිත ඔලිම්පියාඩ් තරගාවලිය සඳහා ඉදිරිපත් වීමට සුදුසුකම් ලබා සිටිති.
ශ්‍රී ලංකා ගණිත ඔලිම්පියාඩ් සංගමය අධ්‍යාපන අමාත්‍යාංශය හා එක්ව පවත්වන ලද මෙවර ඌව පළාත් ගණිත ඔලිම්පියාඩ් තරගාවලියේදී පාසලට කීර්තියක් ගෙන එමින් එම තරගාවලියේ දෙවැනි, සිව්වැනි හා හයවැනි ස්ථාන දිනාගත් මෙම විදුහලේ හය වැනි වසරේ ඉගෙනුම ලබන කල්හාන් පැහැසර, රැචිර දිල්ශාන් සහ ඊෂාදි එරන්දි යන සිසු සිසුවියෝ සමස්ත ලංකා ගණිත ඔලිම්පියාඩ් තරගාවලිය සඳහා සුදුසුකම් ලබා සිටිති.
බ/හාලිඇළ ජාතික පාසලේ විදුහල්පති ලුතිනන් කර්නල් අසේල තෙන්නකෝන් මහතාගේ උපදෙස් හා ඔලිම්පියාඩ් ජාතික පුහුණුකරැවෙකු වන විද්‍යාලයීය ගණිත ආචාර්ය ජයන්ත සමරජීව මහතාගේ මඟ පෙන්වීම මත මෙම සිසු සිසුවියන් මේ ජයග්‍රහණ ලබාගෙන තිබේ.
( හාලිඇළ- විජේරත්න රත්නායක )
Reply To:
Name - Reply Comment
0 Comments