සමස්ත ලංකා චිත්‍ර තරගාවලියට - ඉබ්බාගමුව අධ්‍යාපන කලාපයෙන් සිසු සිසුවියන් අටදෙනෙක්
- 2019-01-01 23:00:13
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අධ්‍යාපන දෙපාර්තමේන්තුව සංවිධානය කරන සමස්ත ලංකා පාසල් චිත්‍ර තරගාවලිය සඳහා ඉබ්බාගමුව අධ්‍යාපන කලාපයෙන් සිසු සිසුවියන් අට දෙනෙක් තේරී පත්ව සිටිති.
මැල්සිරිපුර අක්කර50 මහා විද්‍යාලයේ ඩී. ප්‍රභාෂණ, සී. වීරසිංහ , තුසිත සම්පත් සහ ඉබ්බාගමුව ආදර්ශ මහා විද්‍යාලයේ චමලි තෙන්නකෝන්, උදම්විට මහා විද්‍යාලයේ දිල්ෂාණී අප්සරා, ඉබ්බාගමුව මධ්‍ය මහා විද්‍යාලයේ එම්.පී. ගුණසේන , විලියම් ගොපල්ලව මධ්‍ය මහා විද්‍යාලයේ ටී.ජී. කුමාරි , කුඹුක්වැව මහා විද්‍යාලයේ තරැෂි සඳුනිකා යන සිසු සිසුවියෝ සමස්ත ලංකා චිත්‍ර භූමිදර්ශන අංශයෙන් තේරීපත්ව සිටිති .
ඊට අමතරව, කුලියාපිටිය මහා විද්‍යාලයේ ආර්. චන්ද්‍රසිරි, කුලියාපිටිය සාරානන්ද මධ්‍ය මහා විද්‍යාලයේ පුබුදු ජයමහ , කටුනේරිය සාන්ත සෙබෙස්තියන් මධ්‍යමහා විද්‍යාලයේ හිරැෂි ප්‍රනාන්දු ,හලාවත සාන්ත සේවියර් මධ්‍ය මහා විද්‍යාලයේ මනුජය පෙරේරා , මාරවිල ශුද්ධ වූ පවුලේ බාලිකා මධ්‍ය මහා විද්‍යාලයේ එස්.ලක්ෂානි, හලාවත සාන්ත සෙබෙස්තියන් විද්‍යාලයේ හිරැෂි ප්‍රනාන්දු යන දරැවෝ සමස්ත ලංකා චිත්‍ර තරග සඳහා තේරීපත්ව සිටිති .
චිත්‍ර අධ්‍යක්ෂිකා පත්මා මාලනි රාජකරැණා මහත්මිය කියා සිටියේ
වර්තමානය වන විට බොහෝ දරැවන් ප්‍රාසාංගික අංශවලට වැඩි වශයෙන් යොමුවුවද චිත්‍ර ආදි විෂයන්වලට යොමුවීමේ අඩු ප්‍රවණතාවක් දක්නට ලැබෙන බවය. විශේෂයෙන්ම නාගරික පාසල්වල බොහෝ දරැවන් චිත්‍ර විෂයෙන් ඈත්ව සිටින බවද අධ්‍යක්ෂවරිය සඳහන් කළාය.
දරැවන්ගේ පරිකල්පන ශක්තිය වර්ධනය කිරීමට, මානසික ඒකාග්‍රතාව ඇති කිරීමට ,නව නිර්මාණකරණයට චිත්‍ර විෂය බෙහෙවින් ඉවහල් වන විෂයයක් බව ද අධ්‍යක්ෂවරිය සඳහන් කළාය.
(කුරැණෑගල - චාන්දනී දිසානායක)
Reply To:
Name - Reply Comment
0 Comments