සමස්ත ලංකා නර්තන තරගාවලිය - බදුල්ල සුජාතාවට ඌව පළාත් ජයග්‍රහණ රුසක්
- 2018-09-14 13:37:14
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අධ්‍යාපන අමාත්‍යාංශය මගින් සංවිධානය කරන ලද 2018 සමස්ත ලංකා නර්තන තරගාවලියට ඉදිරිපත්වූ බදුල්ල සුජාතා මහා විද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාව සමත්ව ඇතැයි එම තරගාවලියේ ඌව පළාත් හා සමස්ත ලංකා මට්ටමේ තරග රුසකින් ජයග්‍රහණ හිමිකරගනිමින් විද්‍යාලයට ඉමහත් කීර්තියක් අත්කර දීමට සමත්ව ඇතැයි විදුහල්පතිනි බී. වී. සාගරිකා නිලන්ති මහත්මිය පැවැසුවාය.
සමස්ත ලංකා නර්තන තරගාවලියේ ජ්‍යෙෂ්ඨ අංශය නියෝජනය කරමින් විද්‍යාලයේ නර්තන කණ්ඩායම ඉදිරිපත්කළ අසදෘශ වන්නම සඳහා ඌව පළාත් ප්‍රථම ස්ථානයත් සමස්ත ලංකා දෙවැනි ස්ථානයත් හිමිවී ඇත.
තරගාවලියේ ජ්‍යෙෂ්ඨ ඒකල අංශය නියෝජනය කරමින් පොල් පදය නර්තනය ඉදිරිපත්කළ ජී. ඩී. ප්‍රසංගි මිහිදුනී ශිෂ්‍යාවට ඌව පළාත් ප්‍රථම ස්ථානය හිමිවී ඇති අතර සමස්ත ලංකා මට්ටමේ කුසලතා සහතිකයක් හිමිවී ඇත.
මීට අමතරව විද්‍යාලයේ කනිෂ්ඨ නර්තන කණ්ඩායම ඉදිරිපත්කළ තුරගා වන්නමට ඌව පළාත් ප්‍රථම ස්ථානයත් සමස්ත ලංකා මට්ටමේ කුසලතා සම්මානයත් හිමිවී ඇතැයිද විදුහල්පතිනිය පැවැසුවාය.
විදුහල්පතිනී බී. වී. සාගරිකා නිලන්ති මහත්මියගේ උපදෙස් හා මග පෙන්වීම මත විද්‍යාලයේ නර්තන ආචාරිනී ආර්. එම්. වත්සලා දිල්රැක්ෂි හා එල්. පී. කේ. කුමුදුනී ප්‍රියදර්ශී යන මහත්මීහු නර්තන කණ්ඩායම් පුහුණු කළහ.
ජයග්‍රාහී නර්තන කණ්ඩායම් මෙහි දැක්වේ.
(වියලුව වාර්තාකරැ නිශාන්ත කුමාර)
Reply To:
Name - Reply Comment
0 Comments