Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

හැටන් අධ්‍යාපන කලාපයට අයත්  හැබ්බෑකන්ද විදුහලේ ප්‍රාථමික සිසු පිරිසක් මහනුවර බෝගම්බර ක්‍රීඩාංගණයේදී පසුගියදා පැවති සමස්ත ලංකා පාසල් ළමා ක්‍රීඩා තරගාවලියේදී පස්වැනි ස්ථානය හිමිකරගත්හ. සමස්ත ලංකා මට්ටමෙන් පස්වැනි ස්ථානය හිමිකර ගත් එම විදුහලේ 4 වැනි ශ්‍රේණියේ සිසුන්ඇගයීමේ උත්සවයක් හැටන් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ පි.ශ්‍රීධරන් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්වුණි.  
එම විදුහලේ විදුහල්පතිනි පී.ජී. ධනවතී මහත්මිය ඇතුළු ගුරැ  මණ්ඩලය උත්සවය සංවිධානය කළහ. එහිදී අදහස් දැක්වූ හැටන් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ පී.ශ්‍රීධරන් මහතා තම අධ්‍යාපන කලාපයට අයත් ඉතාම දුෂ්කර පාසලක් වන හැබ්බෑකන්ද විදුහලේ ප්‍රාථමික සිසුන් කණ්ඩායමක් සමස්ත ලංකා පාසල් ළමා ක්‍රීඩා තරගාවලියේදී පස්වැනි ස්ථානය ලබා සම්මාන හිමිකර ගැනීම එම පාසලට පමණක් නොව තම අධ්‍යාපන කලාපයටද ජයග්‍රහණයක් බවත් අධ්‍යාපන කටයුතුවලට මෙන්ම ක්‍රීඩා කටයුතු සඳහා එම සිසු දරැවන් තව තවත් උනන්දු කළ යුතු බවත් එම ජයග්‍රහණය වෙනුවෙන් තමා එම සිසුනට සුබපතන බවත් එම දරැවන්ට ක්‍රීඩා පුහුණුවීම් කළ ගුරැභවතුන්ට තම ප්‍රණාමය පළකරන බවත් සඳහන් කළේය.
හැබ්බෑකන්ද විදුහල්පතිනි පී.ජි.ධනවතී මහත්මිය හා හැටන් අධ්‍යාපන කලාපයේ ප්‍රාථමික ක්‍රීඩා ගුරැ උපදේශක රොහාන් කුමාර හා ගිනිගත්හේන ප්‍රාථමික විදුහලේ නියෝජ්‍ය විදුහල්පති කේ.ජී. රංජිත් කුමාරසිරි යන මහත්වරැද මෙහිදී කතා කළහ.
(ගිනිගත්හේන ජී.ගමආරච්චි)

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.