සමස්ත ලංකා පාසල් බාලක බාලිකා චෙස් තරගාවලිය
- 2019-02-22 18:26:33
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සමස්ත ලංකා පාසල් බාලක බාලිකා කණ්ඩායම් චෙස් තරගාවලියේදී දක්‍ෂතම ක්‍රීඩකයා ලෙස කොළඹ ඩි.එස්.සේනානායක විද්‍යාලයේ දිනෙත් නාඔටුන්නද දක්ෂතම ක්‍රීඩිකාව ලෙස මහනුවර මහමායා විද්‍යාලයේ ජනන්දනී අබේසිංහ ද ජයග්‍රහණය කළහ.
මේ තරගාවලියේදී කොළඹ රාජකීය , කුරැණෑගල මලියදේව, කොළඹ විශාකා ,මහනුවර මහමායා යන විද්‍යාල හතර පැවති තරග ඉසව් හතරේ ශුරතාව බැගින් බෙදා ගැනුණි.
අධ්‍යාපන අමාත්‍යාංශය සංවිධානය කොට අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයීය ශ්‍රවණාගාරයේ දී මෙම ඇගැයීම පැවැත්වුණි. වයස 20න් පහළ හා 17න් පහළ බාලක,බාලිකා කණ්ඩායම් හැටනවයක් අතර පැවති චෙස් තරගාවලියේදී වයස 20න් පහළ බාලක ශුරතාව කොළඹ රාජකීය විද්‍යාලය විසින්ද එම වයස් කාණ්ඩයේ බාලිකා ශුරතාව මහනුවර මහමායා බාලිකා විද්‍යාලය විසින්ද වයස 17න් පහළ බාලක ශුරතාව කුරැණෑගල මලියදේව විද්‍යාලය විසින්ද එම වයස් කාණ්ඩයේ බාලිකා ශුරතාව කොළඹ විශාකා විද්‍යාලය විසින්ද දිනා ගන්නා ලදී .
වයස 20න් පහළ බාලක කණ්ඩායම් චෙස් තරගාවලියට දිවයිනේ පාසල් දහඅටක කණ්ඩායම් සහභාගි වූ අතර ශුරතාව කොළඹ රාජකීය විද්‍යාලයටද අනුශූරතාව කොළඹ ඩි.එස්. සේනානායක විද්‍යාලයටද තෙවැනි ස්ථානය කුරැණෑගල මලියදේව විද්‍යාලයටද හිමි විය. එම වයස් කාණ්ඩයේ බාලිකා තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට මහනුවර මහමායා විද්‍යාලය සමත්විය. එහි අනුශූරතාව ගාල්ල සංඝමිත්තා විද්‍යාලය විසින්ද තෙවැනි ස්ථානය කුරැණෑගල මලියදේව බාලිකා විද්‍යාලය විසින්ද දිනා ගන්නා ලදී .
වයස 17න් පහළ බාලක කණ්ඩායම් තරගාවලියට පාසල් විසිදෙකක කණ්ඩායම් සහභාගිවූ අතර කුරැණෑගල මලියදේව විද්‍යාලය ශුරතාව දිනා ගත්තේය. තරගාවලියේ අනුශුරතාව කොළඹ ආනන්ද විද්‍යාලය විසින්ද තෙවැනි ස්ථානය කොළඹ ඩි. එස් සේනානායක විද්‍යාලය විසින් දිනා ගන්නා ලදී .එම වයස් කාණ්ඩයේ බාලිකා තරගාවලියට පාසල් පහළවක කණ්ඩායම් සහභාගිවූ අතර ඒ අතරින් කොළඹ විශාකා විද්‍යාලය ශුරතාවත් මහනුවර උසස් බාලිකා විද්‍යාලය අනුශුරතාවත් ගාල්ල සවුත්ලන්ඩ් විද්‍යාලය තෙවැනි ස්ථානයත් දිනා ගෙන ඇත.
තරගාවලියේ ජය සංකේත ප්‍රදානෝත්සවය ධර්මාශෝක විදුහල්පති හසිත කේෂර වෙත්තමුණි මහතාගේ ප්‍රධානත්වයෙන් සහ දකුණු පළාත් පාසල් ක්‍රීඩා අධ්‍යක්ෂ ක්‍රිෂාන් දුමින්ද, ශ්‍රී ලංකා පාසල් චෙස් සංගමයේ ලේකම් ඉන්දික ජයවර්ධන ,අම්බලන්ගොඩ අධ්‍යාපන කලාප ක්‍රීඩා අධ්‍යක්ෂක දිමුතු අබේරත්න යන මහත්වරැන්ගේ සහභාගීත්වයෙන් ද ධර්මාශෝක විදුහල් ශ්‍රවණාගාරයේදී පැවැත්වුණි.

( කරන්දෙණිය එම් .සුසිල් ප්‍රියන්ත )
Reply To:
Name - Reply Comment
0 Comments