සමස්ත ලංකා පාසල් බාලිකා දැල්පන්දු තරගාවලිය - 2018
- 2019-04-18 15:05:09
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අධ්‍යාපන අමාත්‍යංශයේ ක්‍රීඩා ඒකකය මගින් පැවැති 2018 සමස්ත ලංකා පාසල් බාලිකා දැල්පන්දු තරගාවලියේ වයස 16 න් පහළ ශූරතාව කුරැණෑගල මලියදේව බාලිකා විද්‍යාලය විසින්ද, 18 න් පහළ ශූරතාව කොළඹ විශාඛා බාලිකා විද්‍යාලය විසින් ද, 20 න් පහළ ශූරතාව කළුතර ශුද්ධවූ පවුලේ කන්‍යාරාමය විසින් ද දිනා ගනු ලැබීය.
වයස 16 න් පහළ අනුශූරතාව කුරැණෑගල ශුද්ධවූ පවුලේ කන්‍යාරාමයද, 18 න් පහළ අනුශූරතාව කොළඹ7 කාන්තා විද්‍යාලය ද, 20 න් පහළ අනුශූරතාව කොළඹ 5 විශාඛා විද්‍යාලය ද දිනා ගැනීමට සමත් විය.
මෙම තරගාවලියේ වයස 16 න් පහළ තෙවැනි ස්ථානය කොළඹ 7 මියුසියස් විද්‍යාලයටත්, 18 න් පහළ තෙවැනි ස්ථානය මහනුවර හිල්වුඩ් විද්‍යාලයටත්, 20 න් පහළ තෙවැනි ස්ථානය එප්පාවල ශ්‍රී සිද්ධාර්ථ මධ්‍ය මහා විද්‍යාලයටත් හිමිවිය.
20 න් පහළ ශූරතාව දිනා ගත් කළුතර ශුද්ධවූ පවුලේ කන්‍යාරාම කණ්ඩායමේ ටී.ඉෂානි මධුෂිකා තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස තෝරා ගැනුණි.
16 න් පහළ ශූරතාව දිනා ගත් කුරැණෑගල මලියදේව බාලිකා විද්‍යාලයීය කණ්ඩායමට සඳලි රෂ්මිකා ඒකනායක ද, 18 න් පහළ ශූරතාව දිනා ගත් කොළඹ විශාකා විද්‍යාලයේ කණ්ඩායමට කේ, ඩී. සිතාරා සෙව්මිණි ද, 20 න් පහළ ශූරතාව දිනා ගත් කළුතර ශුද්ධවූ පවුලේ කන්‍යාරාම කණ්ඩායමට එස්. ඈන් දුමාෂා පෙරේරා ද නායකත්වය දුන්හ.
අධ්‍යාපන අමාත්‍යාංශයේ ක්‍රීඩා පිළිබඳ විශේෂ උපදේශක සුනිල් ජයවීර මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරැණ මෙම තරගාවලිය තෙදිනක් පුරා හික්කඩුව ශ්‍රී සුමංගල ජාතික පාසල් ක්‍රීඩාංගණයේදී පැවැත්වුණි.
දිවයිනේ පළාත් නමයෙහිම පැවති පාසල් දැල් පන්දු තරගාවලියන්ගෙන් පළමු, දෙවැනි හා තෙවැනි ස්ථාන දිනා ගැනීමට සමත්වූ වයස 16 න්, 18 න් හා 20 න් පහළ කණ්ඩායම් අසූ එකක් මෙහිදී තරග බිමට පිවිස සිටියහ.
තරගාවලියේ අවසන් දින ප්‍රධාන ආරාධිත අමුත්තා වූ දකුණු පළාත් ආණ්ඩුකාර මාර්ෂල් පෙරේරා මහතා අතින් ජය සංකේත ප්‍රදානය සිදු වූ අතර දකුණු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ නිමල් දිසානායක මහතා ද මෙම අවස්ථාවට සහභාගි වූයේය. දකුණු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ (ක්‍රීඩා) ආර්.ඇම්. ක්‍රීෂාන් දුමින්ද මහතා විසින් සම්බන්ධීකරණ කටයුතු සිදු කරන ලදී.
(හික්කඩුව විශේෂ අමරසේන විතානගේ , ගෝනාපීනුවල දයා සිරිල් ධම්මික)
Reply To:
Name - Reply Comment
0 Comments