Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

2018 සමස්ත ලංකා පාසල් සංගීත තරගාවලියේ දී ජයග්‍රහණ රුසක් හිමිකර ගැනීමට රාජාංගනය යාය 5 නවෝද්‍යා විද්‍යාලයේ සිසු දරැ දැරියන් සමත් වුහ.
ජ්‍යෙෂ්ඨ අංශයේ ශාස්ත්‍රීය තබ්ලා වාදන අංශයේ දෙවැනි ස්ථානය ආර්.බී.පූර්ණි නිමේෂිකා දිනාගත් අතර විවෘත රාගධාරි එක්ස්රාජ් වාදන අංශයේ දෙවැනි ස්ථානය ආර්.ඩී.ළයනි වරැණිකා දිනාගත්තාය. විවෘත රාගධාරි සිතාර් වාදන අංශයේ දෙවැනි ස්ථානය කේ.එම්. නවෝද්‍යා මධුවන්ති දිනාගත් අතර ජ්‍යෙෂ්ඨ අංශයේ සමූහ වාදන අංශයේ ශෛලිය තුන්වැනි ස්ථානය රාජාංගනය නවෝද්‍යා විද්‍යාලයට හිමිවිය. ඒ සඳහා ආර්.බී.පූර්ණි නිමේෂිකා, ආර්.ඩී.ළයනි වරැණිකා, කේ.එම්.නවෝද්‍යා මධුවන්ති, පී.ඒ.රෂ්මි තත්සරණි හා ඩබ්ලිව්.ලක්ෂාණි කාවින්දි යන සිසුවියෝ සහභාගී වූහ.
කනිෂ්ඨ රාගධාරි ඒකල බටනළා වාදන අංශයේ 5 වැනි ස්ථානය එම්.ඒ.අමීෂ නිම්සිත් විසින් දිනාගනු ලැබීය.
සංගීත ආචාර්යවරැන් වන කේ.ජී.පාලිත සෙනෙවිරත්න ගුරැතුමා සහ ආර්.එම්.එම්.එම්.රාජපක්ෂ ගුරැතුමිය මෙම ජයග්‍රහණ ලබා ගැනීමට සිසු සිසුවියන් පුරැදු පුහුණු කළහ.
විදුහල්පති ජයන්ත රත්නායක මහතා සහ උතුරැ මැද පළාත් සංගීත අධ්‍යක්ෂිකා සුරංජි අම්මුදුවගේ මහත්මිය දැක්වූ සහයෝගය සිසු සිසුවියෝ ගෞරවයෙන් සිහිපත් කරති.


(ගිරිබාව - ඊ.එම්.ජේ.බණ්ඩාර)

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.