සමස්ත ලංකා බටහිර සංගීත තරගාවලිය -බිංගිරිය ශ්‍රී සරණංකර ජාතික පාසලට ජයග්‍රහණ රුසක්
- 2019-09-17 22:58:15
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අධ්‍යාපන අමාත්‍යාංශයේ 2019 සමස්ත ලංකා බටහිර සංගීත නර්තන තරගාවලියේ දී නාගරික සුපිරි විදුහල් ගණනාවක් අභිබවමින් බිංගිරිය ශ්‍රී සරණංකර ජාතික පාසලේ ඉංග්‍රීසි අංශයේ දරැ දැරියෝ සමස්ත ලංකා ජයග්‍රහණ 3 ක්ම හිමිකර ගැනීමට සමත් වූහ.
විදුහල්පති අජිත් චන්ද්‍රකුමාර මහතාගේ උපදෙස් පරිදි සංගීත (බටහිර අංශයේ), ආචාර්ය චතුරංග ප්‍රසාද් පෙරේරා මහතා විසින් පුහුණු කරන ලද අතර නර්තනාචාරීන් වන කාංචනා සහරාන්ති හා තිලිණි මධුෂිකා මහත්මීහු රමණි නර්තන අංශයට සහාය දැක්වූහ.
සමස්ත ලංකා ජයග්‍රහණවලට අමතරව රමණි සමූහ නර්තන (Recrder group) කණ්ඩායම පළාත් තරගාවලියේ තෙවැනි ස්ථානය දිනා ගැනීමට සමත්විය. ජයග්‍රාහී එම කණ්ඩායම් මෙසේය.
විවෘත තරග සංගීත (Open Choir) ප්‍රථම ස්ථානය
2 – 4 වසර දක්වා මිශ්‍ර තාල (Percussion Band) - ප්‍රථම
6 – 9 වසර බටහිර නර්තන (Western line Dance) - ප්‍රථම
සමූහ නර්තන (Recorder group) පළාත් - තෙවැනි

(බිංගිරිය - නන්ද එස්.ඒකනායක)
Reply To:
Name - Reply Comment
0 Comments