සරා සඳ 2018 - යසෝදරාවට සරා සඳ පෑයූ දා
- 2018-08-24 16:51:10
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කොළඹ යසෝදරා විද්‍යාලයීය කලා උලෙළ කොළඹ ආනන්ද විද්‍යාලයේ කුලරත්න ශාලාවේදී පසුගියදා පැවැත්වුණි. නර්තන, ගීත ගායනය හා නාට්‍ය යන අංගයන්ගෙන් සමන්විත වූ මෙම කලා උලෙළට වාදනයෙන් සහභාගි වී ඇත්තේ ද යසෝදරා වාද්‍ය වෘන්දයයි. මෙම කලා උලෙළේ තේමාව වී තිබුණේ මහගමසේකරයන්ගේ සාහිත්‍ය සේවාවේ ගීත සාහිත්‍ය පිළිබඳව මතක ආවර්ජනය කිරීමයි.
ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ප්‍රවීණ ගීත රචක මහින්ද චන්ද්‍රසේකර මහතා සහභාගි වී තිබූ අතර විශේෂිත ආරාධිත අමුත්තන් ලෙස මහගමසේකර මහතාගේ පුත් රවීන්ද්‍ර මහගමසේකර හා මහගමසේකර මහතාණන්ගේ දියණිය වන නිරෑපමා සල්මාලි මහගමසේකර මහත්මිය ද සහභාගී වූහ.
සම්භාවනීය අමුත්තන් ලෙස කලාප හා පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරැන් හා අවට පාසල්වල විදුහල්පතිවරැ සහභාගී වූහ.
විශේෂිත ආරාධිත අමුත්තෙකු ලෙස සහභාගී වූ ප්‍රවීණ ගායන ශිල්පී ජගත් වික්‍රමසිංහ මහතා විද්‍යාලයීය වාද්‍ය වෘන්දය දිරිගන්වනු පිණිස ඔවුන්ගේ සංගීතයට දරැවන් සමග එකතුව &රත්නදීප ජන්ම භූමි* ගීතය ගායනා කළේය.
කලා උලෙළට සමගාමීව සාහිත්‍ය තරග ද පැවැත්වූ අතර අන්තර් පාඨශාලයීය තරග, ලිඛිත තරග, ගී රසවින්දන පාසල් දරැවන් අතර ලිඛිත හා කථික තරග, කෙටිකතා, නාට්‍ය පිටපත්, චිත්‍ර තරග පැවැත්වුණි. සමස්ත කුසලානය ජයග්‍රහණය කරන ලද්දේ ආනන්ද විද්‍යාලයයි.
මෙම කලා උලෙළ යසෝදරා විද්‍යාලයීය කලා අංශයේ සාහිත්‍ය සංගමයේ උසස් පෙළ ශිෂ්‍යාවන්, සාහිත්‍ය සංගමය භාර ආචාරිණී, කේ.කේ.වඩිමුණ මහත්මියගේ මෙහෙයවීමෙන් සංවිධානය කෙරිණ.
විදුහල්පති පී.නිලූකා සමන්කුමාරි මහත්මියගේ අධීක්ෂණය හා මගපෙන්වීම යටතේ විෂය සමගාමී විදුහල්පති නන්දනී පුෂ්පා සහ සහකාර විදුහල්පතිනි අනෝමා රද්දැල්ල මහත්මියගේ උපදෙස් පරිදි විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලයේ සහාය ලබා දී තිබුණි.
විද්‍යාලයීය නර්තන අංශයෙන් නර්තනය සහ අංග රචනය ද, සංගීත අංශයෙන් ගායනය ද, නාට්‍ය හා රංග කලාව අංශයෙන් නාට්‍යය ද, විද්‍යාලයීය වාද්‍ය වෘන්දයෙන් වාදනය ද, සිංහල අංශයෙන් භාෂා තරග ද වශයෙන් සියලු අංශවල එකතුවක දිග හැරැමක් ලෙස යසෝදරා විද්‍යාලයීය &සරා සඳ 2018* හැඳින්විය හැක.
(අමීරා හමීඩ් - WIJ/SR/00120)
Reply To:
Name - Reply Comment
0 Comments