සහසක් නව නිපැයුම් - පාසල් අංශයේ පළමු තැන තාරකට
- 2016-11-22 14:36:27
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශ‍්‍රී ලංකා නව නිපැයුම් කරැවන්ගේ කොමිසම සංවිධානය කළ සහසක් නව නිපැයුම් - 2016 තරගාලියේ පාසල් අංශයේ සමස්ත ලංකා ප‍්‍රථම ස්ථානය දිනාගැනීමට අන්ධ පුද්ගලයන්ට පරිහරණය කළ හැකි නවීන පන්නයේ සැරයටියක් නිපදවූ මාවතගම මධ්‍ය මහා විදුහලේ 8 ශ්‍රේණියේ ඉගෙනුම ලබන එච්.එම්. තාරක දිල්ෂාන් කුමාර හේරත් සමත් වී සිටියි. පසුගිය දා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අතින් නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ ර`ගහලේ දී සහතික පත් හා පදක්කම් තාරක දිල්ෂාන් කුමාර හේරත් ට පිරිනැමිණි. තාරක දිල්ෂාන් කුමාර හේරත් ශිෂ්‍යයා විසින් තමා නිපදවූ සැරයටිය පිළිබඳ විස්තර මෙසේ පැවසීය.
මේ සැරයටියෙන් වෙනත් පුද්ගලයන්ට පෙනෙන ලෙස ආලෝකයක් නිකුත්වෙනවා. අන්ධ පුද්ගලයන්මේ සැරයටිය අරන් ගමන් කරන විට ඒ අයට ඉදිරියෙන් බාධා ඇති තැන් දැනුම් දෙනවා. උදවූ අවශ්‍ය විට ඒ බව ද දැනුම් දේ. එම සැරයටියෙහි භාවිත කරන බැටරිය පැය 17 ක් ක‍්‍රියාත්මක වීමත් මෙම සැරයටියේ විශේෂත්වයකි. තාරක දිල්ෂාන් ශිෂ්‍යයාට මෙම සැරයටිය නිෂ්පාදනය කිරීමට රුපියල් 2500 මුදලක් වියදම් වී ඇති අතර මාසයක කාලයක් ගත වී ඇත. ඔහු කරාතේ ක‍්‍රීඩාවෙන් ද දක්ෂතා දක්වා ඇති සිසුවෙකි. ඒ සඳහා පළාත් මට්ටමේ සහතික හා පදක්කම් රාශියක් දිනා ඇත. තාරක දිල්ෂාන් මීට ප‍්‍රථම මකුළු දැල් කඩන යන්ත‍්‍රයක් හා සැරයටියක් ද නිපදවා ඇත. ඔහු තම තාක්‍ෂණික දැනුම දියුණු කරගත හැකි පාසලකට ඇතුළත් වී තමාගේ තාක්‍ෂණික ඥාණය දියුණු කරගෙන අනාගතයේ දී රටට වැඩදායි නව නිපැයුම් කරුවෙකු වීමට බලාපොරොත්තු වෙයි. ඔහුට විජය පුවත්පතේ උණුසුම් සුබ පැතුම් පිරිනමමු.
සටහන හා ඡායාරූප - කාන්චනමාලා බණ්ඩාර
Reply To:
Name - Reply Comment
0 Comments