Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ලෝකය හිතාගන්න බැරි තරම් වේගයෙන් වෙනස් වෙමින් පවතිනවා. ලෝකය වෙනස් වන වේගයට වෙනස් වීමට අපටත් හැකිවිය යුතුයි. ශීඝ්‍රයෙන් වෙනස් වෙමින් අලුත් වෙමින් ඉදිරියට යන ලෝකයට අනුගත වන්නට නොහැකි වන කිසිවෙකුටවත් ඉදිරියට යා නොහැකියි.
ගාල්ල මහින්ද විද්‍යාලයේ විදුහල්පති ගාමිණි ජයවර්ධන මහතා ගාල්ල බටදූව ශ්‍රී රතනජෝති මහා විද්‍යාලයේ ශිෂ්‍ය නායකයනට නිල ලාංඡන පැලඳවීමේ උත්සවයට ප්‍රධාන අමුත්තා ලෙස සහභාගි වෙමින් එසේ පැවසීය.
විදුහල්පති ජී. ඩබ්. ගාමිණි සහබන්දු මහතාගේ මෙහෙයවීම මත විද්‍යාලයීය ආචාර්ය මණ්ඩලය මෙම උත්සවය සංවිධානය කර තිබුණි. එහිදී තවදුරටත් අදහස් පළකර සිටි ගාමිණි ජයවර්ධන මහතා මෙසේද පැවසුවේය.
පාසලක පැවැත්මට ශිෂ්‍ය නායකයන්ට විශාල මෙහෙවරක් සිදුකළ හැකියි. පාසලක පරිපාලන කටයුතු වඩාත් හොඳින් කරගෙන යාමටත්, පාසලක විනය ඉහළ මට්ටමක පවත්වාගෙන යාමටත් ශිෂ්‍ය නායකයන්ගේ සේවය අත්‍යවශ්‍යයි.
ශිෂ්‍ය නායකයා හැමවිටම තමන්ගේ පිටකවරය පිළිවෙළට හා ලස්සනට තබාගත යුතුයි. ඇදුම් පිළිවෙළකට ඇඳිය යුතුයි. මෘදු කුසලතා වර්ධනය කරගත යුතුයි. දවසකට පැය හයකට වඩා නිදාගන්න පුරැදු නොවිය යුතුයි. කරදරයි කියලා බලන්නේ නැතිව හැකි සෑම අවස්ථාවකම වෙහෙසී වැඩකළ යුතුයි. වැඩ කළ තරමට ලාභයක් මිස පාඩුවක් සිදුවෙන්නේ නැහැ.
අපි ළඟ සත්ව ගතිගුණ තිබුණට අපි සත්තු වගේ නොහැසිරිය යුතුයි. තනිව කටයුතු කරනවට වඩා කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමෙන් අපට බොහෝ ජයග්‍රහණ ලබාගත හැකියි. ගතවූ වසර හතළිහක පමණ කාලය තුළ ලෝකයට බොහෝ නිර්මාණ බිහිවුණේ කණ්ඩායම් ක්‍රියාකාරකම් තුළිනුයි. අන්තර් පුද්ගල සබඳතා ටිකෙන් ටික වර්ධනය කරගනිමින් වැඩි වටිනාකමක් සහිත පුද්ගලයන් බවට පත්වන්නට ඔබ සැම උත්සාහ කරන්න. හැමවිටම හොඳට සිතලා බලලා වැඩ කරන්න. තමන්ට පැවරෙන සියලු වගකීම් හරි මොහොතෙම හරියටම කරන්න. බාධක සහ අභියෝග හමුවේ වැටි වැටී පැරදි පැරසි ඉදිරියටම යන්නට ශිෂ්‍ය නායකයෙකුට හැකිවිය යුතුයි.
(රත්ගම ගාමිණි මහදුර)

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.