Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ගාල්ල මහින්ද විද්‍යාලයේ සිංහල භාෂා දින උත්සවය  රැහුණු විශ්වවිද්‍යාලයේ   සිංහල අංශයේ ජ්‍යෙෂ්ඨ  කථිකාචාර්ය මෙරකන්දේගොඩ  ආරියවංශ නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන්  එම විද්‍යාලයේ ඕල්කට් ශාලාවේදි පැවැත්වුණි. විද්‍යාලයේ සිංහල අංශය මගින් මෙකී උත්සවය සංවිධානය කොට තිබුණි. සමස්ත ලංකා තරගවලින් ජයගත්   මිහිඳු පුතුන්ගේ  පද්‍ය ගායනා, කථික  නැටුම් ගැයුම් සහ සංස්කෘතික අංගවලින් උත්සවය වර්ණවත්වී තිබුණි.
 සිංහල භාෂා දින උත්සවයේ ප්‍රධාන දේශනය  පවත්වමින් රැහුණු විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ ජ්‍යෙෂ්ඨ  කථිකාචාර්ය මෙරකන්දේගොඩ  ආරියවංශ නාහිමියෝ මෙසේ පැවසූහ.
  සිංහල භාෂාව අපූරැ භාෂාවක්. ඒ භාෂාව ප්‍රකෘති විදියට කතා කරන්නත් පුළුවන් අනික් විදියටත් කතා කරන්නත් පුළුවන්.  වචන අනික්  පැත්තට හරවලා කතා කරන්නත් පුළුවන්  සාමාන්‍ය විදියට කතා කරන්නත් පුළුවන් . මේ වගේ  ලෝකයේ වෙනස් භාෂාවක් නැහැ.. අපේ  භාෂාව මහින්දාගමනයට  පෙරාතුව  විජයාගමනයත් සමග  ආරම්භ වෙනවා.  භාෂාවත් සමග සංස්කෘතියක් හැදෙනවා. වචන මාලාව වෙනස් වෙනවා.   සිංහල භාෂාව මැනවින් දැනගෙන පාවිච්චි  කළ යුතුයි. පසුගිය දිනක පැවති උත්සවයකදී එහි සිටි එෆ්. එම් නිවේදකයෙක්  සියලු  මහා සංඝරත්නය අසුන්වල සැතපෙන මෙන් ආරාධනා කරනවා  කියලා කිව්වා.  ඔහු තුළ භාෂාව පිළිබද පැවති  අනවබෝධය නිසා තමයි   එහෙම වුණේ.   ඒ නිසා භාෂාව නිවැරදි ලෙස හසුරැවන්න පාවිච්චි කරන්න  අවබෝධයක් තියෙන්න ඕනෑ.
  භාෂාව  හා සාහිත්‍ය සම්බන්ධයෙන් දකුණට රෝහණයට අපිට තියෙන ලකුණ මොකක්ද? මහින්දයට තියෙන ලකුණ කුමක්ද?  රටේ තිබෙන  ප්‍රධාන පාසල් අතුරින් වසර  125ක් සපිරැණු  පාසල් කිහිපය අතර මහින්ද විද්‍යාලයට අභිමානයක් තියෙනවා.  රෝහණයට  තියෙන අභිමානය කුමක්ද ?තොටගමුවේ රාහුල හිමියන් දකුණේ කෙනෙක්.  බාරස කාව්‍ය ලියපු  ධම්මාලංකාර හාමුදුරැවන් කවි 03ක් ලියූවිට  කවි 12ක් කියවන්න පුළුවන්.   ගජමන් නෝනා, රංචාගොඩ ළමයා , එදිරිවිර සරච්චන්ද්‍ර හික්කඩුවේ සුමංගල හිමි, පරණවිතාන,   ගුණදාස අමරසේකර  සිංහල භාෂාව සාහිත්‍ය වෙනුවෙන් සුවිශේෂි වූ කාර්යභාරයක් කළා.
මහින්ද විද්‍යාලයේ විදුහල්පති ගාමිණි ජයවර්ධන  මහතා  උත්සව සභාව අමතමින් මෙසේ කීවේය.
හැම කෙනෙකුගේම ජිවිතය දියුණුකරගැනීම සඳහා ඉදිරියට ගෙනආයුතු සුවිශේෂ අවිය  සාහිත්‍යයයි. හෙළ සාහිත්‍ය නංවාලීමට දැවැන්ත කැපවීමකින් අධ්‍යාපන කටයුතු කරන්න. ගීතයක් ලියලා, කවියක් ලියලා, කෙටි කතාවක් ලියලා හිත සතුටු කරගන්න දරැවනේ. එහෙම වූ විට කවදා හරි දවසක හිතේ වේදනාවක්,දුකක් ,සතුටක් ආවිට එය ගීතයකට, කෙටි කතාවකට පෙරළන්න පුළුවන්.  සාහිත්‍ය ජීවිතය පෝෂණය කරන්න  යොදාගන්න.  ලංකාවේ සාහිත්‍යයේ  හැම ගුණාංගයක්ම ඉදිරියට ගෙනාවේ මහා සංඝරත්නය බවද විදුහල්පතිවරයා පැවසීය.
මහින්ද ව්ද්‍යාලයේ පාසල් සංවර්ධන සමිතියේ ලේකම්  සනත් විජේරත්න නියෝජ්‍ය විදුහල්පති කුලරත්න යන මහත්වරැද උත්සව සභාව ඇමතුහ. මෙම අවස්ථාවට ප්‍රාථමික අංශයේ විදුහල්පති සන්ධ්‍යා රේණුකා, දකුණු පළාත් සිංහල භාෂාව විෂය භාෂා අධ්‍යක්ෂක  ඩබ්ලිව්. ඩී.  කීර්ති,  කලාප සිංහල විෂය භාෂා අධ්‍යක්ෂිකා   රසිකා  පතිරණවසම් , පාසල් සංවර්ධන සමිතියේ හිටපු ලේකම් රජුල ජයසේකර යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

(යක්කලමුල්ල විශේෂ ජේ.කේ.එල් චාමින්ද)

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.