සිරි සුමන විද්‍යාලයේ සිසුන්ට පෞරැෂ සංවර්ධන කඳවුරක්
- 2018-06-26 20:27:39
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අධ්‍යයන චාරිකාවකට ශ්‍රී ලංකාවට පැමිණ සිටින කොරියන් විශ්වවිද්‍යාලයක සිසුවියෝ පිරිසක් බදුල්ල සිරි සුමන මහා විද්‍යාලයේ අධ්‍යාපනය හදාරන දරැවන්ට ඉංග්‍රීසි භාෂාව හා ශිෂ්‍ය පෞරැෂය සංවර්ධනය සඳහා ක්‍රියාකාරකම් ආශ්‍රිත ඉගැන්වීම් කටයුතු සිදු කිරීමට ස්වෙච්ඡාවෙන්ම ඉදිරිපත්ව සිටිති.
බදුල්ල සිරි සුමන මහා විද්‍යාලයේ හිටපු විදුහල්පති ජී. එච්. ජයතිස්ස මහතාගේ උපදෙස් හා මග පෙන්වීම ඇතිව එම විද්‍යාලයේ ආචාරිනී හේමා කුලතුංග මහත්මියගේ මෙහෙයවීම ඇතිව මෙම වැඩසටහන ආරම්භ කොට තිබේ. මේ වන විටත් මෙම කොරියන් විශ්වවිද්‍යාල ශිෂ්‍ය කණ්ඩායම සිරිසුමන මහා විද්‍යාලයේ වත්මන් විදුහල්පති ආර්. එම්. සිරිසේන මහතාගේ අධීක්ෂණය හා මග පෙන්වීම ඇතිව ඉංග්‍රීසි අධ්‍යාපනය හා පෞරැෂ ක්‍රියාකාරකම් සිදුකරති.
(පස්සර කහටරැප්ප ගාමා වීරසිංහ)
Reply To:
Name - Reply Comment
0 Comments