Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව වාර්ෂිකව සිදු කරන සිසු නිපුණතා ඇගයිම් තරගාවලියේ 2019 වසරේ රත්තොට දහම් පාසල් සිසු නිපුණතා ඇගයීමේ ජය පල්ලේවේරගම සිරි සීවලී දහම් පාසලට හිමි විය.
රත්තොට ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩලය සංවිධානය කළ දහම් පාසල් සිසු නිපුණතා ඇගයීම මාතලේ කයිකාවල මධ්‍ය මහ විද්‍යාලයේ දී පසුගිය දා පැවැත්වුණි.
රත්තොට ප්‍රාදේශිය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී මරදුරාවල ධම්ම සිද්ධි ස්වාමීන් වහන්සේගේ සහ සභාපති වෙරළුගස්තැන්නේ සෝමරතන ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වය මත රත්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මෙම වැඩසටහන සංවිධානය කොට තිබුණි.
තරග ඉසව් 40ක් මෙහිදී පැවැති අතර සමස්ත තරගාවලියේ ජයග්‍රහණය ලබා ගනිමින් ප්‍රථම ස්ථානය දිනා ගැනීමට පල්ලේවේරගම සිරි සීවලි දහම් පාසල සමත් විය. දෙවැනි ස්ථානය  මාවුසාගොල්ල සිරි සරණතිස්ස දහම් පාසලට හිමිවූ අතර තෙවැනි ස්ථානය අළකොළමඩ ශ්‍රී බුද්ධ පූර්ණිමා දහම් පාසලට හිමිවිය.


(මාතලේ විශේෂ මහේෂ් කිර්තිරත්න) 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.