සීතාවක අභිමන් සිසු ගැයුමෙන්, වැයුමෙන් හැඩවෙයි
- 2018-08-06 09:44:25
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
2017 සීතාවක අභිමන් ප්‍රාදේශීය සාහිත්‍ය කලා මහෝත්සවය සීතාවක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පසුගියදා පැවැත්වුණි.
එහිදී ප්‍රදේශයේ කලාකරැවන්ට උපහාර පිදීමත් ගද්‍ය - පද්‍ය හා රචනා තරගවලින් ජයග්‍රහණය කළ සිසුන්ට සහතික පත්‍ර සහ තිළිණ ප්‍රදානය කිරීමද මෙහිදී සිදුකෙරිණි.
සීතාවක පුරවරයේ කලායතනවල සිසුන් විසින් ඉදිරිපත් කරනු ලැබූ නර්තනයන්ගෙන් හා ගීත ගැයීමෙන් උත්සවය වර්ණවත් විය.
එම අවස්ථාවට සීතාවක ප්‍රාදේශීය ලේකම් කේ. එස්. දිල්හානි, සහකාර ප්‍රාදේශීය ලේකම් එච්. ඒ. එස්. ජිසන්ත යන මහත්ම මහත්මීහුද, කලාකරැවෝ ද, ආරාධිත අමුත්තෝ ද පාසල් සිසු සිසුවියෝ ද සහභාගි වූහ.
(පාදුක්ක විශේෂ - නිහාල් වෙත්තසිංහ)
Reply To:
Name - Reply Comment
0 Comments