සොබා සිත්රූ තරගයෙන් කළුතර දිස්ත්‍රික්කයෙන් පළමු තැන මතුගම ආනන්දයට
- 2017-10-31 02:38:35
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
බස්නාහිර පලාත් ආර්ථීත ප්‍රවර්ධන විදුලිබල හා බල ශක්ති පරිසර කටයුතු ජලසම්පාදන සහ සංචාරක කටයුතු පිළිබඳ අමාතයාංශය සංවිධානය කළ සොබා සිත් රූ චිත්‍ර පොස්ටර් හා ඡායාරූප තරඟයෙන් කළුතර දිස්ත්‍රික්කයේ පාසල් 52 අතරින් මතුගම ආනන්ද ශාස්ත්‍රාලල ජාතික පාසලේ ප්‍රාථමික අංශයේ දූ දරුවන්ට ප්‍රථම ස්ථානය දිනා ගැනීමට හැකි වී තිබේ.
මේ යටතේ විදයාලයේ දු දරුවන් 14 දෙනකු විශිෂ්ඨ ඇගයීමට ලක්කරමින් සහතිකපත් සහ සමරුතිළිණ ප්‍රධානය බස්නාහිර පලාත් සෞන්දර්ය නිකේතනයේදී සිදු කර තිබුණි.
ආනන්නද ශාස්ත්‍රාලීයිය ජාතික පාසල වෙනුවෙන් තිමාල විජේසිංහ - අමා සේසදි - ලිමන්යා සිත්මලි -සිනෙත්මා මුණසිංහ - නින්නදී චමත්සරා - සඳිති තසාරා - නිපුනි නිවන්‍යා - පුදම්සා සෙනුලි - ඩිනුකි ඩිනාරා - මලීෂා පාරමී - සඳුන් වත්සල - ජනනි කාවින්දි - ලිතුලි ලිතුම්යා - වර්ෂා රාජපක්ෂ යන දු දරුවන් මේ සඳහා නිර්මාණ ඉදිරිපත්කර තිබුණි
විද්‍යාලයේ විදුහල්පති රන්දුනු ජයලත් සහ එස් ඒ ප්‍රේමදාස යන විදුහල්පතිවරුන්ගේ මගපෙන්විම යටතේ ගයනි ජයවර්ධන මහත්මිය සිසු දරුවන් මේ සදහා යොමු කර තිබුණි.
(වලල්ලාවිට විශ්ව ගැමුණු ප්‍රියංකර)
Reply To:
Name - Reply Comment
0 Comments