Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

බස්නාහිර පළාත් ආර්ථීක ප්‍රවර්ධන විදුලිබල හා බල ශක්ති  පරිසර කටයුතු ජලසම්පාදන සහ සංචාරක කටයුතු පිළිබඳ අමාත්‍යාංශය සංවිධානය කළ සොබා සිත් රෑ චිත්‍ර පොස්ටර් හා ඡායාරෑප තරගයෙන්   කළුතර දිස්ත්‍රික්කයේ පළමු තැන දිනාගැනීමට  මතුගම ආනන්ද ශාස්ත්‍රාල ජාතික පාසලේ  ප්‍රාථමික අංශයේ සිසු සිසුවියෝ සමත්වූහ. එම සිසු සිසුවියන් 14 දෙනකු ඇගයීමට ලක්කරමින්  සහතිකපත් සහ සමරැතිළිණ ප්‍රදානය බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේදී සිදු කර තිබුණි.
ආනන්ද ශාස්ත්‍රාලීය ජාතික පාසල වෙනුවෙන් තිමාල විජේසිංහ, අමා සේසදි, ලිමන්යා සිත්මලි ,සිනෙත්මා මුණසිංහ, නින්නදී චමත්සරා,සඳිති තසාරා, නිපුනි නිවන්‍යා, පුදම්සා සෙනුලි, ඩිනුකි ඩිනාරා ,  මලීෂා පාරමී , සඳුන් වත්සල, ජනනි කාවින්දි , ලිතුලි ලිතුම්යා, වර්ෂා රාජපක්ෂ යන සිසු සිසුවියෝ මේ සඳහා නිර්මාණ ඉදිරිපත් කළහ. විද්‍යාලයේ විදුහල්පති රන්දුනු ජයලත් සහ එස්. ඒ. ප්‍රේමදාස යන විදුහල්පතිවරැන්ගේ මගපෙන්වීම යටතේ ගයනි ජයවර්ධන මහත්මිය සිසු දරැවන් මේ සඳහා යොමු කර තිබුණි.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.