හඟුරන්කෙත හප්පාවර කනිෂ්ඨ විද්‍යාලයට පළාත් තරග ජයක්
- 2019-09-24 16:01:50
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සමස්ත ලංකා පළාත් තරග ඒකල ශාස්ත්‍රීය තබ්ලා වාදන සහ ඒකල ශාස්ත්‍රීය ගායනා තරගයෙන් හඟුරන්කෙත හප්පාවර කනිෂ්ඨ විද්‍යාලයේ ශිෂ්‍යාවන් දෙදෙනකුට ප්‍රථම සහ දෙවන ස්ථාන හිමිව තිබේ.
ඒකල ශාස්ත්‍රීය තබ්ලා වාදන තරගයෙන් ප්‍රථම ස්ථානය දිනා ගැනීමට හප්පාවර කනිෂ්ඨ විද්‍යාලයේ 7 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සචිනි නිරෝග්‍යා ගුණරත්න සහ ඒකල ශාස්ත්‍රීය ගායනා තරගයේ දෙවැනි ස්ථානය දින ගැනීමට 8 ශ්‍රේණියේ ඉගෙනුම ලබන හිරැණි ඉමාෂා රත්නායක සිසුවියෝ සමත් වූහ.
පාසල් ඉතිහාසයේ ප්‍රථම වතාවට මෙවැනි ජයග්‍රහණයක් ලබා ගැනීමට හැකිවු බවත් ඒ සඳහා කැපවූ සිසුන්ට සහ ගුරැවරැන්ට තම ස්තුතිය පුද කරන බවත් පාසලේ විදුහල්පති එම්.ඩබ්ලිව්.අජිත් අබේකෝන් මහතා පැවැසීය.

(මනෝජ් හර්ෂික)
Reply To:
Name - Reply Comment
0 Comments