හාලිඇළ මැදි මහ විදුහලට දැනුම මිනුමින් කලාප තරග වරම්
- 2019-12-20 14:30:21
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් සංවිධානය කෙරැණු ගණිත දැනුම මිනුම තරගාවලියට සමගාමීව පැවැති හාලිඇළ අධ්‍යාපන කොට්ඨාස තරගාවලියට සහභාගීවූ හාලිඇළ මධ්‍ය මහා විද්‍යාලයේ සිසු සිසුවියන් එම තරගාවලියේ ප්‍රථම ස්ථාන ඇතුළු ජයග්‍රහණ රුසක් දිනාගනිමින් ඉදිරියේදී පැවැත්වෙන බදුල්ල කලාප තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ඇතැයි විදුහල්පති මේනක අසේල තෙන්නකෝන් මහතා පැවැසීය.
විදුහල්පති මේනක අසේල තෙන්නකෝන් මහතාගේ මග පෙන්වීම මත ජයන්ත සමරජීව මහතා ඇතුළු ගුරැ මණ්ඩලය මෙම සිසු පිරිස තරගාවලිය සඳහා සුදානම් කළහ.
තරගාවලිය සඳහා ඉදිරිපත්වූ (වමේ සිට) ඒ.එම්. නවිඳු මල්ශාන් (10 ශ්‍රේණිය, තෙවැනි ස්ථානය) , ඩී.එම්.ජී. චතුනි උපද්‍යා ( 9 ශ්‍රේණිය, සිව්වැනි ස්ථානය) කේ.ඩී. කල්හාන් පැහැසර ( 6 ශ්‍රේණිය තෙවැනි ස්ථානය) ආර්.එම්. රැචිර දිල්ශාන් (6 ශ්‍රේණිය, ප්‍රථම ස්ථානය) සහ ආර්.ඩී. මලීෂා ඒෂානි (8 ශ්‍රේණිය ප්‍රථම ස්ථානය) මෙම ජයග්‍රහණ හිමිකර ගැනීමට සමත්ව සිටිති.
ජයග්‍රහණය ලැබූ සිසු පිරිස විදුහල්පති මේනක අසේල තෙන්නකෝන් මහතා ඇතුළු ගුරැ මණ්ඩලය සමග මෙහි දැක්වේ.

(වියලුව නිශාන්ත කුමාර)
Reply To:
Name - Reply Comment
0 Comments