හාලිඇළ මැදි විදුහලේ සියපතක සුවඳ
- 2019-06-11 16:11:12
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
‘%විඳින්නට අවසරයි සියපතක සුවඳ’ නමින් බ/හාලිඇළ මධ්‍ය මහා විද්‍යාලයීය ( ජාතික පාසල) සංවිධානය කළ සාහිත්‍ය වැඩසටහනක් එම විදුහල් ශ්‍රවණාගාරයේදී ඉකුත්දා පැවැත්වුණි.
මෙම වැඩසටහනේ ප්‍රධාන ආරාධිත දේශනය ප්‍රවීණ මාධ්‍යවේදී හා රංගන ශිල්පී වසන්ත දුක්ගන්නාරාළ මහතා සිදුකළ අතර හාලිඇල මැදි මහ විදුහලේ ආදි ශිෂ්‍යයකු වන සිරස මාධ්‍ය ජාලයේ වැඩසටහන් කළමනාකාර දිදුල බෝගහකුඹුර, මාර්ගෝපදේශ හා මනෝවිද්‍යා උපදේශක දනුක සිරිනාම යන මහත්වරැද විශේෂ දේශන සිදුකළහ.
මීට උලෙළට සමගාමීව සාහිත්‍ය මාසය හා කියවීමේ මාසය නිමිත්තෙන් පවත්වන ලද සාහිත්‍ය තරගවල ජයග්‍රාහක සිසු සිසුවියන්ට ත්‍යාග හා සහතිකපත් ප්‍රදානය බදුල්ල සිංහ සමාජයේ අනුග්‍රහයෙන් සිදුකෙරැණු අතර සිසු සිසුවියන් ඉදිරිපත් කළ සංස්කෘතිකාංග රුසකින් උලෙළ වර්ණවත් විය.
බ/හාලිඇළ ජාතික පාසලේ විදුහල්පති අසේල තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත සංවිධානය කෙරැණු මෙම උලෙළට බදුල්ල සිංහ සමාජයේ සභාපති වෛද්‍ය යසතිලක් බණ්ඩාර මහතා ඇතුළු නිලධාරිහු රුසක්ද සහභාගි වූහ.
( හාලිඇළ- විජේරත්න රත්නායක )
Reply To:
Name - Reply Comment
0 Comments