හැටන් ශා/ගේබ්‍රියල් බාලිකාවෙන් සිත් රෑ
- 2018-05-11 21:12:01
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
හැටන් ශා/ගේබ්‍රියල් බාලිකා විද්‍යාලය මගින් සංවිධානය කරන ලද සිත් රෑ චිත්‍ර ප්‍රදර්ශනය හැටන් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ පි. ශ්‍රිධරන් මහතාගේ ප්‍රධානත්වයෙන් එම විද්‍යාලයේදි පැවැත්වුණි.
එම විද්‍යාලයේ විදුහල්පතිනි දයා වීරතුංග මහත්මියගේ උපදෙස් මත විද්‍යාලයේ චිත්‍ර විෂය භාර ගුරැවරයා වන අමිත් දළුවත්ත මහතා විසින් මෙම චිත්‍ර ප්‍රදර්ශනය සංවිධානය කරන ලදී.
මෙම චිත්‍ර ප්‍රදර්ශනය සඳහා එම විද්‍යාලයේ සිසුවියන් මෙන්ම හැටන් අධ්‍යාපන කලාපයේ හැටන් ශ්‍රිපාද විද්‍යාලය, ලක්ෂපාන විද්‍යාලය, කොත්තැල්ලෙන විද්‍යාලය යන විදුහල්වල සිසුහු චිත්‍ර ඉදිරිපත් කළහ. මෙම ප්‍රදර්ශනයට ඉදිරිපත් කරන ලද චිත්‍ර අතරින් හොඳම චිත්‍ර තෝරා එම සිසුන්ට සහතික පත් ප්‍රදානය කිරීමටද පියවර ගෙන තිබුණි.
(හැටන් සුදත් එච්. එම්. හේවා)
Reply To:
Name - Reply Comment
0 Comments