හෙට්ටිමුල්ල බණ්ඩාරනායක මහා විද්‍යාලය ආරම්භ කර 157 වසරක් නිමිත්තෙන් මාලාවක්
- 2017-08-10 04:10:32
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කෑගල්ල හෙට්ටිමුල්ල බණ්ඩාරනායක මහා විද්‍යාලය ආරම්භ කර වසර 157 ක් පිරීම නිමිත්තෙන් පසුගියදා විද්‍යාලයේ දී ධර්ම දේශනාවක් පවත්වා 163 නමක් විෂයෙහි සඟසතු දක්ෂිණාවක් පිරිනැමූ පිරිනැමිණ. ගාල්ල කරන්දෙණිය උණගස්වෙල නිවේසාරාමාධිපති ශ‍්‍රාස්පති පූජ්‍ය පිටිගල ධම්මවීනිත ස්වාමීන් වහන්සේ වැඩම කර ධර්ම දේශනාවක් පැවැත්වූහ. 11 වසර අංශභාර ගුරුමහත්මිය හා සෙසු ගුරු මහත්ම මහත්මීන් ද මෙවර සාමන්‍ය පෙළ විභාගයට පෙනී සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන් විසින් ධර්ම දේශනාව සංවිධානය කර තිබුණි. බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ හිටපු ජේෂ්ඨ මහාචාර්ය කෑගල්ල දික්කොහුපිටිය විද්‍යානිවාස පිරිවෙන් විහාරාධිපති පූජ්‍ය ඇකිරියගල නන්ද ස්වාමීන් වහන්සේ ප‍්‍රමුඛ ගරුතර මහා සංඝරත්නය හෙට්ටිමුල්ල බණ්ඩාරනායක කණිෂ්ඨ විද්‍යාලයේ සිට පෙරහරකින් විද්‍යාලයේ ප‍්‍රධාන ශාලාවට වැඩම කරවා ශිෂ්‍යයින් විසින් පා දෝවනය ද කළේය.
අනතුරුව කෑගල්ල වැවලදෙණිය සිරි මහින්දෝදය පිරිවෙන් විහාරාධිපති හිටපු අධ්‍යාපන අධ්‍යක්ෂ පහත බුලත්ගම කොර්ළ තුන ඇතුළු සතර කෝරළ මහා දිසාවේ ප‍්‍රධාන සංඝනායක පූජ්‍ය හෙම්මාතගම සිද්ධාර්ථ ස්වාමීන් වහන්සේ විසින් මූලික ආගමික වතාවත් ඉටු කළ අතර පසුව දානය පිරිනමා අටපිරිකර සෙසු පිරිකරද ගුරුවරු සහ ශිෂ්‍යයින් විසින් පූජා කළේය. අනුශාසනාව සිදු කරනු ලැබුයේ බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ හිටපු ජේෂ්ඨ මහාචාර්ය කෑගල්ල දික්කොහුපිටිය විද්‍යානිවාස පිරිවෙන් විහාරාධිපති පූජ්‍ය ඇකිරියගල නන්ද ස්වාමීන් වහන්සේ විසින්ය. අවසානයේ විද්‍යාලයේ සේවය කොට මිය ගිය විදුහල්පතිවරුන්ට ආචාර්ය මණ්ඩලයට පිං අනුමෝදන් කළ අතර දැනට විශ‍්‍රාම ගොස් සැදෑ සමය ගත කරන විදුහල්පතිවරුන්ට හා ආචාර්ය මණ්ඩලයට වර්තමාන විදුහල්පතිනියට හා ආචාර්ය මණ්ඩලයට ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සෙත් පැතූහ. මෙම පිංකම විදුහල්පතිනී එච්.පි. දයාවතී මහත්මියගේ උපදෙස් පරිදි පැවැත් වූ අතර ආචාර්ය මණ්ඩලය දෙමාවුපියන් ශිෂ්‍ය ශිෂ්‍යාවන් අවට සියලු ප‍්‍රජාව දායකත්වය ලබා දී තිබුණි.
දමුණුපොළ චමින්ද ජයලත්
Reply To:
Name - Reply Comment
0 Comments