හෙට්ටිමුල්ල බණ්ඩාරනායක කනිෂ්ඨයේ ශිෂ්‍ය නායක නායිකාවෝ නිල ලාංඡන පලඳිති
- 2018-06-22 19:29:27
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කෑගල්ල හෙට්ටිමුල්ල බණ්ඩාරනායක කනිෂ්ඨ විද්‍යාලයේ 2018/2019 යන වර්ෂය සඳහා ශිෂ්‍ය නායක නායිකාවන් හට නිල ලාංඡන පැලඳවීම කෑගල්ල දිසා භාර නියෝජ්‍ය පොලිස්පති පෞද්ගලික ලේකම් සහකාර පොලිස් අධිකාරි නිමල් ධර්මප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදුකෙරිණ.
පළමුව විද්‍යාලයේ තූර්යවාදක කණ්ඩායම විසින් ආරාධිත අමුත්තන් පිරිස විද්‍යාලයට ප්‍රවිෂ්ට වන ප්‍රධාන මාර්ගයේ සිට කැඳවා පොල්තෙල් පහන දැල්විණ. පසුව විද්‍යාලයේ විදුහල්පති කේ.ඒ.ඩී.ලක්ෂ්මන් විජේරත්න මහතා පැමිණ සිටි ආරාධිත අමුත්තන් පිළිගැනීමේ කතාව සිදුකළේය. පසුව උත්සවයට සහභාගි වූ සහකාර පොලිස් අධිකාරි නිමල් ධර්මප්‍රිය මහතා සහ ආරාධිත අමුත්තෝ ශිෂ්‍ය නායක නායිකාවන් හට නිල ලාංඡන පැලඳවූයේය. එදින ශිෂ්‍ය ශිෂ්‍යාවන් 69 දෙනෙකුට නිල ලාංඡන පැලඳවිණ.
උත්සවය ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ නර්තන අංගවලින් අලංකාර කෙරිණ.
(දමුණුපොළ - චමින්ද ජයලත්)
Reply To:
Name - Reply Comment
0 Comments