හෙට්ටිමුල්ල බාලදක්ෂයෝ අපූර්ව පින්කමක
- 2017-02-07 12:47:42
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කෑගල්ල හෙට්ටිමුල්ල නව මහා විද්‍යාලයේ බාලදක්‍ෂ කණ්ඩායම විසින් ඉකුත් 06 දා හෙට්ටිමුල්ල තැපැල් කාර්යාලයේ මාසික මහජන ආධාර වයෝවෘද්ධ මවුපියන්හට තේ පැන් සංග‍්‍රහයක් ලබාදීමට කටයුතු කර තිබුණි.
හෙට්ටිමුල්ල තැපැල් කාර්යාලයෙන් මාසිකව මහජන ආධාර ලබාගන්නා බවත් සෑම මසකම ඔවුන්හට ප‍්‍රදේශයේ ධානපතීන් විසින් තේ පැන් සංග‍්‍රහයක් ලබාදෙන බවද තැපැල් ස්ථානාධිපති ඩබ්.පී. ලියනගේ මහතා පැවසීය. පෙබරවාරි මස තේ පැන් සංග‍්‍රහය ලබාදීමට හෙට්ටිමුල්ල නව මහා විද්‍යාලයේ බාලදක්‍ෂයින් ඉදිරිපත්ව කටයුතු කර තිබූණි. බාලදක්‍ෂයින් පළමුව බිස්කට්, කෙසෙල් ගෙඩි කෑමට ලබාදී පසුව වටිනා කොළ කැඳ වීදුරුවක් ලබාදීමට ද කටයුතු කර තිබුණි. කොළ කැඳ වීදුරුව පානය කළ මවුපියන් එය අගය කළ අතර හොඳින් අධ්‍යාපනය ලබා හොඳ පුරවැසියෙකු ලෙස රටට සේවය කරන ලෙස වයෝවෘද්ධ මවුපියන් සියලුම බාලදක්‍ෂ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් ඉල්ලා සිටියේය.
හෙට්ටිමුල්ල නව මහා විද්‍යාලයේ බාලදක්‍ෂ ආචාරනි ඒ.ආර්.එම්.ජී. සර්වෝදි රත්නසූරිය මහත්මිය උපදෙස් මත මෙම සංග්‍රහය පැවැවිය.
(දමුණුපොල චමින්ද ජයලත්)
Reply To:
Name - Reply Comment
0 Comments