හෙන්නාතොට විද්‍යාවර්ධන ප්‍රාථමික අංශයට නව ශිෂ්‍යනායක මණ්ඩලයක්
- 2019-10-15 09:40:20
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
දොඩන්දූව, හෙන්නාතොට විද්‍යාවර්ධන මහා විද්‍යාලයේ ප්‍රථම වරට ප්‍රාථමික අංශයේ ශිෂ්‍යනායක මණ්ඩලය නිල ලාංඡන පැලඳවීමේ උත්සවය එම විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේ දී පැවැත්වුණි.
වසර 119 ක් සපිරෙන මෙම විද්‍යාලයේ ප්‍රථම වරට ආරම්භ කළ ප්‍රාථමික අංශයේ ශිෂ්‍යනායක මණ්ඩලය 15 දෙනෙකුගෙන් සමන්විත විය. විදුහල්පති ආර්.කේ.දිනේෂ් චන්දිම කුමාර මහතාගේ මග පෙන්වීම මත ප්‍රාථමික අංශයේ ශිෂ්‍යනායක මණ්ඩලය භාර ආචාරිනී ගීතා රංජනී ළමාහේවා මහත්මිය මෙම උත්සවය සංවිධානය කර තිබුණි.
අම්බලන්ගොඩ කලාපයේ ප්‍රාථමික සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ එම්.ජී.ගාමිණී චාමින්ද, ප්‍රාථමික ගුරැ උපදේශක එම්.එච්.සෝමපාල, දොඩන්දූව ධම්මසාර පියරතන විද්‍යාලයේ විදුහල්පතිනි චන්ද්‍රිකා සමන්මලී, කටුදම්පේ මලලංකාර විද්‍යාලයේ විදුහල්පති ආර්.පී.ගුණවර්ධන, රත්ගම සිරිසුමන විද්‍යාලයේ හිටපු විදුහල්පති නිමල් සිරිවර්ධන, විශ්‍රාමලත් නියෝජ්‍ය විදුහල්පතිනි ස්වර්ණා නානායක්කාර යන මහත්ම මහත්මීන් අතින් ශිෂ්‍ය නායකයිනට නිල ලාංඡන පැලඳවීම සිදුවිය.

(රත්ගම ගාමිණී මහදුර)
Reply To:
Name - Reply Comment
0 Comments