Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ශිෂ්‍ය නායකයකු සතු වැදගත්ම සහ පළමු කාර්ය වන්නේ පාසල තුළ විනය ඉතා උසස් මට්ටමකින් පවත්වාගෙන යාමයි. විනයක් නොමැති තැන කිසිම දෙයක් සාර්ථකව කරගන්න ලැබෙන්නෙ නැහැ. ආයතනයක, සමාජයේ පමණක් නොව නිවසක පවා විනයක් නැත්නම් එතන යහ පැවැත්මක් ඇත්තේ නැහැ.
අම්බලන්ගොඩ සහකාර පොලිස් අධිකාරි සහ ගෝනාපීනුවල සාරාලංකාර මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සිසිර ප්‍රීති ගමගේ මහතා එම විද්‍යාලයේ ශිෂ්‍ය නායකයනට නිල ලාංඡන පැලඳවීමේ උත්සවයට ප්‍රධාන අමුත්තා ලෙස සහභාගි වෙමින් එසේ කීවේය.
කනිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය නායකයන් 63 දෙනෙකු සඳහා නිල ලාංඡන පැලඳවීම මෙහිදී සිදුවිය. විදුහල්පති ශාන් ජාගොඩ මහතාගේ මග පෙන්වීම මත ශිෂ්‍ය නායක මණ්ඩලය භාර ආචාර්ය මණ්ඩලය මෙම උත්සවය සංවිධානය කර තිබුණි. අම්බන්ගොඩ කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂිකා මධුෂිනී වාසනා, සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ රොෂාන් පුෂ්පකුමාර යන මහත්ම මහත්මීහු ද මෙම උත්සවයට සහභාගි වූහ.
එහිදී තවදුරටත් අදහස් පළකර සිටි සිසිර ප්‍රීති ගමගේ මහතා මෙසේද කීවේය.
ශිෂ්‍යනායක පදවියක් ලැබීම ඔබ ඔබගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය බවට පත් කරගත යුතුයි. ඔබ හැමවිටම උත්සාහ කළ යුත්තේ ගුණ යහපත් හොඳ නායකයෙකු වීමටයි.
අද කාලේ ජීවත්වෙන බොහෝ දෙනා උත්සාහ කරන්නෙ කෙටි ක්‍රමවලින් ඉදිරියට ගොස් ජීවිත සාර්ථක කරගන්නයි. ඒ වැරදි ක්‍රම ඔබ අනුගමනය කරන්න එපා. හොඳ විනයක් ඇතිව අධ්‍යාපන කටයුතුවල නිරත වෙමින් ඉහළටම යන්න ඔබ උත්සාහ කළ යුතුයි. 


(රත්ගම ගාමිණී මහදුර)

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.