Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

   

අප නිර්මාණකරණයට යොමුවුණේ පන්ති ගිහිල්ලා  නෙමෙයි. ඒ සඳහා අවශ්‍ය වටපිටාව  ගෙදරම නිර්මාණය වෙලා තිබුණා . ඒ වගේම  ඉගෙන ගත්තෙත්  පන්ති ගිහිල්ලා  නෙමෙයි. අපි එදා ඉගෙන ගත්තේ අම්ම පැදුරැ වියන්න පන් ටික ගලවන්න දියට බැහැල ඉන්න වෙලාවේ ගල උඩට වෙලා  අම්ම දිහා බලාගෙන ඉඳලා. ගහේ කොළේ ගැටිලා පොළොවේ පය ගහපු නිසයි .අද දරැවන් කොම්පියුටරේටයි ,ෆේස්බුක් එකටයි වහල්වෙලා . ඒ තත්ත්වය යටතේ  දරැවන්ට වෙන්නේ  මොකක්ද කියලා හිතා ගන්නවත් බැහැ .* යැයි මහාචාර්ය විලේගොඩ  අරියදේව හිමියෝ පැවසූහ.
පොත් කියවන  පාසල් සිසුන් වෙනුවෙන් පැවති සම්මාන උලෙළක් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල් මුදලිඳු එස්.තෝමස් ද සිල්වා  ශ්‍රවණාගාරයේදී මහාචාර්ය විලේගොඩ  අරියදේව හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්විණි. 
සිය විදුහලේ කියවන සිසුන් දිරිමත් කිරීමත් ,සිසුන් කියැවීමට වැඩි වැඩියෙන් පෙලඹවීමත් අරමුණ පෙරදැරිව විද්‍යාලයේ විදුහල්පති හසිත කේෂර වෙත්තමුණි මහතාගේ මැදිහත්වීම මත  මෙම සම්මාන ප්‍රදානෝත්සවය සංවිධානය  කෙරිණි.   
 පොත් සියයක් කියවූ සිසුවෙකුට ලෝකඩ පදක්කමක්ද ,පොත් පන්සියයක් කියවූ සිසුවෙකුට රිදී පදක්කමක්ද පොත් දාහක්  කියවා පොතක් ලියූ සිසුවෙකුට රන් පදක්කමක්ද පිරිනැමීමට විදුහල්පති හසිත මහතා  පියවරගෙන තිබුණි.  ගුරැ මණ්ඩලයටද  මේ සම්මාන උලෙළ ක්‍රියාත්මක කර තිබිණි.                     
උන්වහන්සේ තවදුරටත් මෙසේ පැවසූහ. 
‘‘& තමන්ගේ පාසලේ දරැවන් පොත් කියවීමට  හුරැකරන ධර්මාශෝකයේ  මේ  විදුහල්පතිවරයා අප  කාටත් ආඩම්බරයක් .ලොකු ආදර්ශයක්. ධර්මාශෝකයේ දරැවන්ට  මුහුණු පොත දිහා බලබලා පිස්සන් මෙන්  හිනාවෙවී ඉන්න කාලයක් නැහැ . ඒ අය මුහුණු පොත  බලනවා වෙනුවට දැන්  බලන්නේ පොත්පත්. තමන්ට රන් රිදී ,ලෝකඩ පදක්කමක් ගන්න දැන්  දම්සොවේ දරැවෝ පොත් කියවනවා . මේ පදක්කම් සමගම මේ දරැවන්ට නොමිලයේම දැනුමත් ලැබෙනවා.මේක මොනතරම් හොඳ දෙයක්ද .මම හිතන්නේ මේ වැඩපිළිවෙළ මුළු  ලංකාවේම පාසල්වලට  ව්‍යාප්ත කළොත්  මේ රටේ  පාසල් සිසුන් ෆේස් බුක් මාෆියාවෙන් ගොඩ ගන්න පුළුවන් . ගුරැවරැන් වෙනුවෙනුත් මේ අපුරැ වැඩපිළිවෙළ දියත් කර තිබීම  සතුටට කාරණාවක්. මේක ලෙහෙසි පහසු කාර්යයක් නම් නොවේ .
විෂයානුබද්ධ ,පරිවර්තන,කාව්‍ය.කෙටි කතා, සාහිත්‍ය, චරිතාපදාන,නව කතා හා වෙනත් වශයෙන් වර්ග  කර තිබීම වැදගත් . නවකතා පොත් දහසක්  කියවීමෙන් පමණක්  බලාපොරොත්තුව ඉටුවෙන්නේ නැහැ.ඊට අමතරව චිත්‍රපටි හා නාට්‍ය කිහිපයකුත් බලලා ඒවායේ රස වින්දනයකුත් මේ පොත් දහසට එකතු කරලා තියෙනවා .චිත්‍රපට, වේදිකා  නාට්‍ය කොහොම වුණත් මේ සැලැස්ම අනුව පොත් දහසක් කියවූ විට ඔහු මහා නුවණැත්තෙක් වෙනවාමයි.ඒ වගේම ඔහු කියවීම  නතර කරන්නෙත් නැහැ. ඔහු පොත් දහස  කියවලා ඉවරවෙනකොට කියවීමේ රැසියකු වී හමාරයි. ඔහුගේ ප්‍රධාන විනෝදාංශය වනුයේ කම්පියුටරය,ෆේස්බුක් එක නෙමෙයි කියවීමයි. ඔහුගේ හොඳම ආහාරය වනුයේ හොඳ පොත්පත කියැවීමයි . එහිදී ඔහු සැමවිටම සොයන්නේ හොඳ පොතපතයි. හොඳ පොත පත කියවීම ආහාරයක් කරගන්න.
(කරන්දෙණිය සුසිල් එම් ප්‍රියන්ත)

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.