Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

මවුපියන්ට ආදරය කරන, රටට ආදරය කරන දරැ පරපුරක් බිහිවීමට ඔවුන්ගේ සෞන්දර්යාත්මක හැකියාවන් බෙහෙවින් බලපායි.
හොඳ ළමා ගීත ශ්‍රවණය කිරීමට දරැවන්ට අවස්ථාව සලසා දී ඔවුන්ට ආනන්දයෙන් ප්‍රඥාව කරා යන්නට මවුපියන් කටයුතු කළ යුතු යැයි ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සංගීත අංශයේ ජ්‍යෙෂ්ඨ වැඩසටහන් නිෂ්පාදක දේශප්‍රේම් රංජිත් විජේවික්‍රම මහතා පැවසීය.
ඒ මහතා එසේ පැවසුයේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ කුමාරතුංග මුනිදාස මැදිරියේ පැවති රැවනාර ගුවන්විදුලි ළමා සමාජයේ 13 වැනි සභා වාරයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වෙමිනි.
මෙවර සභා වාරය සභාපති චමත් පියුමාල්, ලේකම් වොවිනි කහවේවිතාන යන දරැවෝ මෙහෙයවූහ.
මෙම අවස්ථාවට සිංහල සේවා අධ්‍යක්ෂ භාතිය ජයතිලක, සංගීත අංශයේ මෙහෙයවූ දර්ශන රත්නායක ඇතුළු පිරිසක් සහභාගී වූහ. ඉන්ද්‍රානි සේනාරත්න ගැයූ හොඳ හොඳ ළමයින් ගීතය ගායනයට විශ්මි අමායා, විශ්මි නවෝද, පුරිදු පරණවිතාන, චදීපා ප්‍රබෝධනී යන දරැ දැරියෝ එක්වූහ. සචින්තා තරැමිණි, ශෙරාන් සහ ප්‍රතිභා අමන්දනී ගීත ගායනා කළහ. 
රැවනාර වාද්‍ය වෘන්දය තනුර මංජිත පීරිස් මෙහෙයවූ අතර ක්ෂණික දායකත්වය තරිඳු දිසානායක මහතා ද සංගීත අධ්‍යක්ෂණය දර්ශන රත්නායක මහතා විසින්ද සිදුකළහ.
රැවනාර ළමා සමාජය මෙවර ද සැලසුම් කර නිෂ්පාදනය කරනු ලැබුයේ ප්‍රයන්තී ගමගේ යහම්පත් විසිනි.
රැවනාර ළමා සමාජය, ස්වදේශීය සේවය, ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව, කොළඹ 07 ලිපිනයට, ඔබේ දුරකථන අංකය ඇතුළත් කර ලිපියක් එවීමෙන් ඔබට ද රැවනාර ළමා සමාජයේ මාසික රුස්වීම් සඳහා ද වැඩසටහන් ඉදිරිපත් කිරීම් සඳහා ද අවස්ථා ලබාගත හැකිය.
(සටහන හා ඡායාරෑප - රැෂිරැ තරංග)


 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.