ෙව්යන්ගොඩ ප්‍රාථමික විද්‍යාලයේ අවුරැදු උලෙළ
- 2018-06-08 14:42:36
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පාසල් දරැවන්ට සිංහල හා දෙමළ අවුරැදු සිරිත් විරිත් පිළිබඳව දැනුවත් කිරීමේ වැඩමුළුවක් වේයන්ගොඩ ප්‍රාථමික විද්‍යාලයේදී විදුහල්පති ඩබ්ලිව්.ඒ මංජුල ක්‍රිශාන්ත මහතා ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවත්වුණි.
පුණ්‍යකාලයේදී ආගමික වතාවත්වල නිරතවීම, නැකතට ළිප ගිනි මෙළවීම,ගනුදෙනු කර වැඩ ඇල්ලීම ආහාර අනුභවය හා හිසතෙල් ගෑමේ චාරිත්‍රවිධි පිළිබඳව මෙහිදි ප්‍රායෝගිකව දැනුම්වත් කෙරැණ.
සිංහල හා දෙමළ නිවෙස්වල මෙම චාරිත්‍ර විධිවල ඇති වෙනස්කම් පිළිබඳවද සිසුන් දැනුම්වත් කෙරැණු අතර මෙම චාරිත්‍ර විධි අනුකරණය සඳහා පාසල් සිසුන් ඒ ඒ ජන වර්ග නියෝජනය කරන ආකාරයෙන් සැරසී සිටීමද විශේෂත්වයක් විය. විවිධ සංස්කෘතික නර්තන අංගවලින්ද වැඩමුළුව අලංකාර වී තිබිණි.
විද්‍යාලයේ විදුහල්පති ඩබ්ලිව්.ඒ. මංජුල ක්‍රිශාන්ත මහතා ඇතුළු විද්‍යාලයේ ගුරැමණ්ඩලය හා මවුපියන් විසින් මෙම වැඩමුළුව සංවිධානය කර තිබිණ.
(මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි)
Reply To:
Name - Reply Comment
0 Comments