Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

හම්බන්තොට අධ්‍යාපන කලාපයේ වීරවිල, සමන්පුර මහා විද්‍යාලයේ භාෂා හා සාහිත්‍ය දින උළෙල සැප්තැම්බර් 29 වෙනි දින විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී උත්සවාකාරයෙන් පැවැත්විණි. විජය ළමා පුවත්පතේ මාධ්‍ය අනුග්‍රහය ඇතිව විදුහල්පති ලක්ෂ්මන් ජේ. රත්නායක මහතා විසින් සංවිධානය කරන ලදී.  විද්‍යාලයීය භාෂා හා සාහිත්‍ය දින උළෙලේ ප්‍රධාන ආරාධිතයින්  ලෙස හම්බන්තොට කලාප අධ්‍යාපන කාර්යාලයේ ප්‍රධාන පාලන නිලධාරි, ප්‍රවීන කිවිවර රංජිත් මල්ලියාවඩු, කලාභූෂණ ආචාර්ය බන්දුල පි. දයාරත්න, මාධ්‍ය අධ්‍යාපන උපදේශක ඉන්දික සෙනෙවිතරන යන මහත්වරු සහභාගී වූහ.

වීරවිල ජනපදයේ පදිංචි ලේඛක රත්නපුලි පියදාස මහතා විසින් රචිත ‘දග කාලේ නම් වූ ළමා කතා සංග්‍රහයේ පිටපතක් ලේඛකයා විසින් රංජිත් මල්ලියාවඩු මහතා වෙත පිළිගැන්වීමද මෙම උත්සව අවස්ථාවේදී සිදු විය. හැත්තෑ හැවිරිදි රත්නපුලි පියදාස ලේඛකයා ශාරීරික ආබාධිත තත්ත්වයක් හේතු කොට ගෙන අවුරුදු තිහකට වැඩි කාලයක් රෝද පුටුවක ගත කරන්නෙකු වීම විශේෂයකි. දග කාලේ පොත ලියන ලද්දේ රෝද පුටුවේ හිඳිමින් නුහුරු වම් අතින් වීමද මෙහි දී දැක්විය යුත්තකි.

            ආරාධිත සාහිත්‍ය දේශනය කරමින් රංජිත් මල්ලියාවඩු මහතා ප්‍රකාශ කළේ එම කෘතිය කියවන විට තමන්ට මාර්ටින් වික්‍රමසිංහයන්ගේ මඩොල් දූව කෘතිය සිහියට නැගුණු බවයි. ඉතා අව්‍යාජව තමන්ගේ ළමා කාලයේ දග කාරකම් රත්නපුලි පියදාස මහතා විසින් අපූරුවට ලියා ඇති බව මල්ලියාවඩු මහතා විසින් ප්‍රකාශ කළේය.           

            විශේෂ දේශනයක් පැවැත්වූ මාධ්‍ය අධ්‍යාපන උපදේශක තිලක් ඉන්දික සෙනෙවිරත්න මහතා සිය කතාව පවත්වමින් ප්‍රකාශ කළේ, ‘රත්නපුලි පියදාස මහතාගේ දග කාලේ කෘතිය අද ජීවත් වන දරුවන්ට මහත් ආදර්ශයක් වන බවයි. තමන් සිටින ආබාධිත තත්ත්වය ගැන කම්පා නොවී මෙවැනි කෘතියක් නිර්මාණය කරන්නට රත්නපුලි පියදාස මහතා පෙළඹීම එක් ආදර්ශයකි. අනෙක් ආදර්ශය නම් තමන් කුඩා කාලයේ කරන ලද දග කාරකම් යළි සිහිපත් කරමින් නිර්මාණාත්මක ලෙස ඒවා  ප්‍රකාශ කරන්නට රත්නපුලි පියදාස මහතා සමත් වී සිටින බවත් තමාද ගමක හැඳී වැඩුන පුද්ගලයකු ලෙස තමාගේ කුඩා කාලයට බොහෝ සේ සමාන කතා මාලාවක් මෙම මෙම කෘතියේ අඩංගු වන බවයි. ඒ වගේම දග කාලේ කෘතිය කියවන ගමක ඉපදුන හැඳී වැඩුන කවරකුහට වුවද තම ළමා කාලය සිහිපත් වීම වැළැක්විය නොහැකි බවද සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කළේය. එසේම මෙවැනි නිර්මාණාත්මක කාර්යයන්හි යෙදෙන්නට පාසල් ළමුන් පෙළඹීම තුළින් ඔවුන්ගේ කාලය වඩාත් ඵලදායි ලෙස ගත කිරීමට අවකාශ ලැබෙන්නේ යැයිද සෙනෙවිරත්න මහතා තව දුරටත් කීවේය.

   පාසලේ හා කොට්ඨාශයේ සිසු දරු දැරියන්ගේ සහභාගිත්වයෙන් පවත්වන ලද විවිධ සාහිත්‍ය තරගවලින් ජය ලැබූ සිසු දරු දැරියන්ට සහතික පත් ප්‍රදානයද මෙම උත්සවයේදී සිදු කරනු ලැබිණි.

     සමන්පුර මහා විද්‍යාලයේ භාෂා හා සාහිත්‍ය දින උළෙල උත්කර්ෂවත් ලෙස පවත්වන්නට හැකියාව ලැබීම සම්බන්ධනේ තමන් මහත් සතුටට පත් වන බවත්, ලබන වර්ෂයේදී ද මෙම උළෙල පැවැත්වීමට කටයුතු කරන බවත් විදුහල්පති ලක්ෂ්මන් ජේ. රත්නායක මහතා ප්‍රකාශ කළේය. ස්තුති කතාව පවත්වන ලද්දේ නියෝජ්‍ය විදුහල්පතිනි පී.කේ. රේණුකා මහත්මිය විසිනි. උත්සව සභාව විද්‍යාලයීය සාහිත්‍ය සංගමයේ නිවේදක නිවේදිකාවන් විසින් මෙහෙයවනු ලැබිණි.

ඡායාරූප හා සටහන - රුෂිරු තරංග

[caption id="attachment_14534" align="alignleft" width="300"]????????????????????????????????????[/caption] [caption id="attachment_14542" align="alignleft" width="300"]????????????????????????????????????[/caption] [caption id="attachment_14550" align="alignleft" width="300"]????????????????????????????????????[/caption] [caption id="attachment_14558" align="alignleft" width="300"]????????????????????????????????????[/caption] [caption id="attachment_14566" align="alignleft" width="300"]????????????????????????????????????[/caption] [caption id="attachment_14574" align="alignleft" width="300"]????????????????????????????????????[/caption] [caption id="attachment_14582" align="alignleft" width="300"]????????????????????????????????????[/caption] [caption id="attachment_14590" align="alignleft" width="300"]????????????????????????????????????[/caption] [caption id="attachment_14598" align="alignleft" width="300"]????????????????????????????????????[/caption] [caption id="attachment_14606" align="alignleft" width="300"]????????????????????????????????????[/caption] [caption id="attachment_14614" align="alignleft" width="300"]????????????????????????????????????[/caption] [caption id="attachment_14622" align="alignleft" width="300"]????????????????????????????????????[/caption] [caption id="attachment_14630" align="alignleft" width="300"]????????????????????????????????????[/caption] [caption id="attachment_14638" align="alignleft" width="300"]????????????????????????????????????[/caption] [caption id="attachment_14646" align="alignleft" width="300"]????????????????????????????????????[/caption] [caption id="attachment_14654" align="alignleft" width="300"]????????????????????????????????????[/caption] [caption id="attachment_14662" align="alignleft" width="300"]????????????????????????????????????[/caption]

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.