“විදේශ විනිමය ලබාගත හැක්කේ පිළිගත් වෘත්තිකයින් ලොවට සැපයීමෙන් පමණයි. ” - අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ
- 2017-11-21 09:50:09
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කාන්තාවන් අඩු වැටුපකට මැදපෙරදිග සේවයට යැවීම නොව, පිළිගත් වෘත්තිකයින් ලොවට සැපයීමෙන් මෙරටට විදේශ විනිමය ලබාගැනීම රජයේ අනාගත බලාපොරොත්තුව බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි. අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ පසුගිය දා මහනුවර විහාරමහාදේවි විදුහලේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයට එක්වෙමිනි.
අනාගතයේ දී හොඳ වෘත්තිකයින් බිහිකොට, ඔවුන්ගේ ජීවන තත්ත්වය ද උසස් කොට ඔවුන් තුළින් රට සංවර්ධනය කරා ගෙන යා යුතු බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය. රටේ අධ්‍යාපන පද්ධතිය ඒ සඳහා සූදානම් කරවිය යුතු බවත්, රටේ පාසල් පද්ධතිය වෙත මෙහි විශාල වගකීමක් පැවරෙන බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
වසරේ කැපී පෙනෙන විෂය නිපුණතා දැක් වූ සිසුන් වෙත තිළිණ, සහතික මෙන්ම සම්මාන ප්‍රදානය සිදු කෙරුණේ ද අධ්‍යාපන අමාත්‍යවරයා අතිනි.
Reply To:
Name - Reply Comment
0 Comments