පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ කියවීම් කඳවුර දා ...
- 2017-12-14 08:33:44
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ ප්‍රාථමික සිසු සිසුවියන් වෙනුවෙන් විද්‍යාලයීය ප්‍රාථමික අංශයේ පුස්තකාලය මගින් සංවිධානය කෙරැණු කියවීමේ කඳවුර විද්‍යාලයීය දම්පල් උයනේදී පැවැත්විණි.
ළමයින් තුළ කියවීමේ රැචිය වර්ධනය කිරීම, පොත් කියවීමෙන් ලැබෙන ප්‍රයෝජන ගැන අවබෝධයක් ලබාදීම, පොත් පරිශීලනය ගැන හුරැවක් ඇති කිරීම, අලුත් අත්දැකීම් තුළින් කියවීමට හුරැකිරීම කියවීම් කඳවුරක් සංවිධානය කිරීමේ ප්‍රධාන අරමුණු විය. මෙහිදී සිසු සිසුවියන්ට තමන්ට කැමති පොත් කියවන්නට අවස්ථාව ලබාදුණි. ප්‍රවීණ ලේඛක දෙනගම සිරිවර්ධන මහතා කතන්දර නිර්මාණය කරන අයුරැ කියා දුන්නේය. කතන්දර අසා සිට සහ පොත් කියවා චිත්‍ර නිර්මාණය කිරීමටද ඔවුනට අවස්ථාව සැලසිණි. විදුහල්පති ඔෂාර පණ්ඩිතරත්න මහතාෙග් උපෙදස් මත කියවීෙම් කඳවුර සංවිධානය කර තිබිණි.
Reply To:
Name - Reply Comment
0 Comments