46 වැනි ඇන්ඩොස් ජාත්‍යන්තර නර්තන උලෙළ මහනුවර උසස් බාලිකාවෝ නර්තන දක්ෂතා පෙන්වති
- 2017-12-06 16:24:35
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
දකුණු කොරියාවේ පසුගියදා පැවැත්වූ “46 වැනි ඇන්ඩොස් ජාත්‍යන්තර නර්තන උලෙළ* ශ්‍රී ලාංකේය නර්තන දක්ෂතා ඉදිරිපත් කිරීමට මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ නර්තන කණ්ඩායමට අවස්ථාව උදාවුණි.
12 දෙනකුගෙන් යුත් මෙම නැටුම් කණ්ඩායම උඩරට, පහතරට යන සම්ප්‍රදායන් ද්විත්වයෙන්ම තම නර්තන දක්ෂතා ඉදිරිපත් කළහ. මෙම උලෙළට දකුණු කොරියාව ඇතුළු රටවල් රුසක කණ්ඩායම් 42 ක් සහභාගි වූහ.
නර්තන කණ්ඩායමේ බෙර වාදනය ඉදිරිපත් කළ සඳුනි ගයාත්‍රී හා සම අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ තිලක් ප්‍රනාන්දු යන අයගේ සම්මුඛ සාකච්ඡා දකුණු කොරියාවේ ගුවන් විදුලි සේවයෙන් ප්‍රචාරය කිරීමෙන් ශ්‍රී ලංකාවට විශාල ප්‍රසිද්ධියක් අත්කර දෙන ලදී. මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනි මල්කාන්ති අබේගුණසේකර මහත්මිය ද සම අධ්‍යක්ෂිකාවක් ලෙසින් මෙම නර්තන උලෙළට එක්වූවාය.
(බෙත්මි අමල්යා)
Reply To:
Name - Reply Comment
0 Comments