Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලය ආරම්භ කොට වසර 70 ක් සපිරීම, විදුහලට ජාතික ඵලදායිතා රන් සම්මානය දිනා ගැනීමත්, රත්නාවලී සහ අනුලා අතර ක්‍රිකට් සංග්‍රාමයත් නිමිතිකොට ගෙන එම බාලිකාවන්ගේ පා ගමනක් පැවැත්විණි.

ගම්පහ දිසාපති සුනිල් ජයලත් මහතා සහ රත්නාවලී විදුහල්පතිනී හේමා ජයවර්ධන මහත්මිය විසින් ජාතික ධජය සහ පාසල් ධජය එසවීමත් ,විද්‍යාලයීය ක්‍රිකට් කණ්ඩායම් නායිකා පබසරා රණබාහු සිසුවිය විසින් බෞද්ධ ධජයත් එසවීමෙන් පසුව භික්ෂුන් වහන්සේලා විසින් සෙත් පිරිත් දේශනා කිරීමෙන් අනතුරුව පාගමන ආරම්භ වුයේ විදුහල් දොරටුව අසලදී විදුහල්පතිනිය විසින් ලබා දුන් සංඥාවෙනි.

විද්‍යාලයීය පෙර අපරදිග තූර්ය වාදක, ශිෂ්‍ය භට කණ්ඩායම් ඇතුලු සෙසු අංශයන්ගෙන් සමන්විතව 3000 කට අධික සිසුවියන් විසින් පාගමන පැවැත්වුයේ විදුහල්පතිනි හේමා ජයවර්ධන මහත්මිය ඇතුලු නියෝජ්‍ය සහ සහකාර විදුහල්පතිනියන් පිරිසක්ද පෙරටු කොට ගෙනය.   

  ගම්පහ නගර සීමා බල ප්‍රදේශය තුල කිලෝ මීටර් හයක පමණ දුරක් පා ගමන සිදු කළ අතර විශේෂත්වයක් වුයේ විදුහල්පතිනියද ,මේ දිනල පවතින දැඩි හිරු රශ්මිය නොතකා මුලු දුර ප්‍රමාණයම ගමන් ගැනීමය. පා ගමන අවසානයේදී එතෙක් දුර ගමන් ගැනීම ගැන මාධ්‍ය ,විදුහල්පතිනියගෙන් කළ විමසුමේදී පිළිතුර වුයේ "මේ දරුවොත් එක්ක මාත් යන්න එපායැ" යනුවෙනි. 

  මෙම පා ගමන සදහා ආදි සිසුවියන් සහ ආදි ගූරු මහත්මීන්ද එක්ව සිටි ආකාරයක් දක්නට  ලැබිණි.

(ජායාරූප :-  විදුහල්පතිනිය සංඥාව ලබාදීම ඇතුලු පා ගමනෙහි අවස්ථාවන් කිහිපයක්.)

( ගම්පහ තිලකරත්න දිසානායක සහ යක්කල ලාල්සිරි ආරියදාස)

20170428_090736_resized 20170428_090743_resized 20170428_091127_resized 20170428_091235_resized 20170428_093055_resized 20170428_093104_resized 20170428_094156_resized

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.