Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

සෑම දරුවෙකුටම අධ්‍යාපන අයිතිය ආරක්ෂා කිරීම වෙනුවෙන් කැපවීම මාගේ වගකීමයි - අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්
අධ්‍යාපනය ලබන සෑම දරුවෙකුගේම අධ්‍යාපන අයිතිය සුරක්ෂිත කිරීම වෙනුවෙන් කටයුතු කිරීම තම වගකීම බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ 2017 වසරේ පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත් කිරිමේ ජාතික උත්සවයේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි.

කිරිබත්ගොඩ විහාරමහාදේවි බාලිකා විද්‍යාලයේ පැවැති මෙම උත්සවයේ දී වැඩිදුරටත් අදහස් දැක්වූ අධ්‍යාපන අමාත්‍යවරයා පළමු වසරට ළමුන් ඇතුළත් කිරීමේ දී ඇතැම් ජනප‍්‍රිය පාසල් විසින් සිදු කර ඇති අක‍්‍රමිකතාවන් සොයා බැලීම සඳහා මේ වනවිට විශේෂ විමර්ශන ආරම්භ කර ඇති බව ද සඳහන් කළේය.
කොළඹ රාජකීය විද්‍යාලයේ මෙන්ම අගනුවර සහ වෙනත් පාසල් රැසකින් මෙවර පළමු වසරට ළමුන් ඇතුළත් කිරීම සම්බන්ධව පැමිණිලි ලැබී ඇති බව සඳහන් කළ අමාත්‍යවරයා වැඩිම පැමිණිලි ලැබී ඇති පාසල් පිළිබඳ විමර්ශන කටයුතු සිදු කිරීමෙන් පසු වරදකරුවන්ට තරාතිරම නොබලා අවශ්‍ය පියවර ගැනීමට නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බව ද පැවසුවේය.
ඇතැම් පුද්ගලයින්ගේ වංචනික කි‍්‍රයා හේතුවෙන් සත්‍ය වශයෙන්ම පාසල්වලට ඇතුල්වීමට සුදුසුකම් ඇති දරුවන්ටත් අධ්‍යාපන අවස්ථා අහිමි වී ඇති බව ද සඳහන් කළ අමාත්‍යවරයා තමන් නිරන්තරයෙන්ම යුක්තිය හා සාධාරණත්වය වෙනුවෙන්පෙනී සිටින බවත් ඊට අභියෝගයක් වන කිසිදු බලවේගයකට යටත් නොවන බවත් අවධාරණය කළේය.
කිරිබත්ගොඩ විහාරමහාදේවි බාලිකා විද්‍යාලයට ඇතුළත් වන දරුවන් කිහිප දෙනෙකු නිල වශයෙන් ලියාපදිංචි කිරීම අමාත්‍යතුමාගේ ප‍්‍රධානත්වයෙන් සිදු වු අතර පළමු වසරේ දරුවන් සඳහා පෙළ පොත් ප‍්‍රදානය කිරීම ද සිදු කෙරුණි.
මෙම උත්සවයට ප‍්‍රාදේශිය සංවර්ධන අමාත්‍ය ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා, අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී. රාධකි‍්‍රෂ්ණන් ඇතුලූ මැති ඇමතිවරුන් අමාත්‍යාංශ නිලධාරීන් ඇතුලූ විශාල පිරිසක් සහභාගි වූහ.
මෙවර දිවයින පුරා පළමු වසරට ඇතුළත් කරගත් ළමුන් සංඛ්‍යාව තුන්ලක්ෂ පනස් දහසකට අධිකය.

15977192_1759534127700068_5946617332212537886_n 16114014_1759533854366762_4675909360929275169_n

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.