කොළඹ විශාඛා විද්‍යාලයට සියවසක් සපිරේ
- 2017-01-26 14:12:28
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කොළඹ විශාඛා විද්‍යාලයට සියවසක් පිරීම නිමිත්තෙන් සංවිධානය කළ විශේෂ සැමරුම් උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් විද්‍යාලයේදී පැවැත්විණි. විද්‍යාලය වෙත පැමිණි ජනාධිපතිතුමා සිසුවියන් විසින් මහත් සෙනෙහසින් යුතුව පිළිගන්නා ලදී. විද්‍යාලයේ සියවස් සමරුව වෙනුවෙන් නිකුත් කරන ලද සමරු කාසිය මහබැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා විසින් මෙහිදී ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.
අමාත්‍යවරුන් වන රවී කරුණානායක, ගයන්ත කරුණාතිලක, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි යන මහත්වරුන් ද විදුහල්පතිනි සදමාලි අවිරුප්පොල මහත්මිය ඇතුළු ආචාර්ය මණ්ඩලය, දෙමාපියන්, ආදි සිසුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ජනාධිපති මාධ්‍ය ඒකකය
Reply To:
Name - Reply Comment
0 Comments