82 වැනි කොළඹ බාලදක්ෂ සමූහයට 32 වසර සපිරෙයි
- 2019-07-19 11:31:23
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
82 වැනි කොළඹ බාලදක්ෂ සමූහයට වසර 32 ක් පිරීම නිමිත්තෙන් සංවිධානය කෙරැණු සාංවත්සරික උත්සවයක් නාවල සිංහ සමාජ මූලස්ථානයේ දී පසුගියදා පැවැත්වුණි. මෙම අවස්ථාවට හිටපු සහය දිසා කොමසාරිස් ජී.බී.ඔකස්, සහය දිසා කොමසාරිස් අයි.එම්.රාමනායක, දිසා කොමසාරිස් සුරේන් වික්‍රමතිලක, නුගේගොඩ සිංහ සමාජයේ සභාපති අශෝක ගුණසේකර, 82 වැනි කොළඹ බාලදක්ෂ කණ්ඩායම් පුහුණුකරැ එස්.ජයසූරිය මහතා ඇතුළු මහත්ම මහත්මීහු රුසක් ද සහභාගි වූහ.
මෙම අවස්ථාවට කෝට්ටේ ශාන්ත තෝමස් විද්‍යාලය, කේරී විද්‍යාලය, නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලය, ග්‍රෑන්ඩ්පාස් විජයබා විද්‍යාලය, කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලය යන බාලදක්ෂ සමූහවල සිසු සිසුවියෝ සහභාගී වූහ. නාට්‍ය, ගීත, නර්තන ආදි ඉදිරිපත් කිරීම් රුසකින් සංවත්සර උලෙළ වර්ණවත් විය.
Reply To:
Name - Reply Comment
0 Comments