90 සපිරෙන කුඩා කුසුම - FLORIENZ WALK 2017
- 2017-09-18 09:42:31
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අතිශය රමණීය වූ බණ්ඩාරවෙල නගරයේ සිට සැතපුම් 2 ක් පමණ දුරින් තන්තිරිය දෙසට වන්නට කුඩා කුසුම් බාලිකා පාසල පිහිටා ඇත. ඌව පළාතේ කීර්තිමත් ජාතික පාසලක් ලෙස මෙය සඳහන් කල හැකිය. මෙහි අකුරු කල බොහෝ බාලිකාවන් වර්තමාන සමාජයේ වැදගත් ක්ෂේත‍්‍ර වල රැකියා කරණු දැකිය හැකිය. වෛද්‍ය, නීති, ගුරු, හෙද ලේඛක, බැංකු හා පෞද්ගලික වැනි ක්ෂේත‍්‍ර රැසක ඔවුන් සේවය කරන්නේ කුඩා කුසුමේ අභිමානයත් සමගිනි. පාසලේ ආදර්ශ පාඨය ‘‘දිරි වඩව් දරුවනි දිරි වඩව්” මෙයට කදිම උදාහරණයක් වූවාට සැක නැත.
වර්තමානයේ ඔවුන් ගැන කතා කරන්නටත් මග පෑදුනේ අතීතයේ මේ සුන්දර පාසල ආරම්භ වූ නිසාය. මුලින්ම මෙම පාසල ආරම්භ වුයේ 1927 දීය. ඒ මාරි මරියා කැසිල්ඩා මව්තුමියගේ මග පෙන්වීම යටතේය. මාරි මරියා මව්තුමියගේ උත්සාහයේ ප‍්‍රතිපලයක් ලෙස 1927 ගුරුවරුන් පස් දෙනෙකු හා සිසුන් හත් දෙනෙකු ගෙන් යුත් කුඩා පෞද්ගලික මිශ‍්‍ර පාසලක් ලෙස මුලින්ම මෙම පාසල ආරම්භ විය.
එය 1956 දී ඉහල ද්විතියික පාසලක් බවට උසස් කරන ලද අතර පසුව 1971 දී එවකට පැවති සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ ආණ්ඩුවෙන් රජයට පවරා ගන්නා ලදී. පසුව 1978 දී දෙවන ශ්‍රේණියේ පාසලක් ලෙස ප‍්‍රකාශයට පත් කළ අතර 1979 දී එය ක් කාණ්ඩයට අයත් මහා විද්‍යාලයක් ලෙස වර්ග කරමින් 1993 දී ජාතික පාසලක් ලෙස නම් කරන ලදී. 1927 දී සිසුන් හත් දෙනෙකු ගෙන් ආරම්භ වූ පාසල වර්තමානය වන විට සිසුවියන් දෙදහසකට අධික සංඛ්‍යාවකින් හා ගුරු මෑණිවරුන් 150 කට වැඩි පිරිසක් මෙන්ම පියවරුන් 10කින් යුත් විශාල පාසලක් ලෙස නම් කළ හැකිය.
එපමණක් නොව මෙහි සේවය කළ මාරි කැසිල්ඩා මවුතුමිය.(1927-1934), මාරි ඉයුලාලි මවුතුමිය.(1934-1944),ඇනට් මවුතුමිය(1944-1947), සින්ලන්ටිකාස් මවුතුමිය.(1947-1960), මාරි කොන්සලියා මවුතුමිය.(1960-1963), මාරි ජෝසප් මවුතුමිය.(1964-1970), මාරි ඇනබල් මවුතුමිය.(1970-1971), මාරි නෙසිටා මවුතුමිය.(1970-1973), ජි.ඒ.ඒ. එදිරිවීර මහත්මිය සහ ජි.ජි. මොරවක මහත්මිය.(1973-1978*, එස්. සුරියගේ මහත්මිය.(1978-1995), බි.ආර්.දරිජු මහත්මිය.(1995-2002), ඒ.සි.පද්මිණි මහත්මිය.(2002-2014) මෙහි සේවය කළ විදුහල්පතිවරියන් ලෙස ගෞරවයෙන් මතක් කළ හැකි අතර වර්ෂ 2014 සිට වර්තමානය දක්වා පාසලේ විදුහල්පතිවරිය ලෙස සේවය කරන සුනේත‍්‍රා මලවාන මහත්මියගේ සේවයද පාසලට ගෞරවයක් මෙන්ම කීර්තියක් ලබා දී ඇත.
පාසලට ආදරයෙන් හා භක්තියෙන් සේවය කළ සියලූ අතීත සහ වර්තමාන ගුරු මෑණිවරුන්, පියවරුන් කුඩා කුසුමට වසර 90 සම්පුර්ණ වන මේ මොහොතේ ඉතාමත් ආදරයෙන් සිහිපත් කරන අතර චිරාත් කාලයක් ජීවත් වී කුඩා කුසුමියන්ගේ නැණ නුවණ පාදන්නට ඉඩ හසර ලැබේවා යැයි සියලූ බාලිකාවියන් වෙනුවෙන් ප‍්‍රාර්ථනා කරන්නෙමු.
බණ්ඩාරවෙල කුඩා කුසුම් බාලිකා මහා විද්‍යාලයට වසර 90 සපිරෙන මේ මොහොතේ එය සැමරීම සඳහා පාසලේ ආදී ශිෂ්‍යාවන් විසින් 2017 ඔක්තෝබර් මස 07 වන දිනඋදෑසන 09.00ට FLORIENZ WALK 2017 ” පාසල් පරිශ‍්‍රයේ සිට ආරම්භ කිරීමට සියලූ කටයුතු සුදානම් කර ඇත. එය බණ්ඩාරවෙල මහනගර සභා ක‍්‍රීඩාංගනයේදී පවුලේ සැමට විනෝද විය හැකි කුඩා කානිවල් එකක් ලෙස පවත්වාගෙන යාමට ආදී ශිෂ්‍ය සංවිධායක කමිටුව කටයුතු සලසා තිබේ.
කුඩා කුසුම් බාලිකා මහා විද්‍යාලයේ අතීත හා වර්තමාන සිසුවියන්ට, ගුරු මහත්ම මහත්මියන්ට සහ දෙමවුපියන්ට මේ සුන්දර අවස්තාව සැමරීම සඳහා මග නොහැර එදිනට පැමිණෙන ලෙස ආදී ශිෂ්‍ය සංවිධායක කමිටුව විසින් ආරාධනා කරන අතර වැඩි විස්තර ලබා ගැනීම සඳහා 071-9281340 යන දුරකථන අංකයට අමතන මෙන් දන්වා සිටිමු.
නිලූකා දමයන්ති හීන්කෙන්ද
Reply To:
Name - Reply Comment
0 Comments