අනුරාධපුරය, නිවන්තකචේතිය විදුහලේ සමථකරණය වැඩමුළුවක්.
- 2025-11-03 14:35:00
 - 0 Comments
 
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පාසල් සිසු සිසුවියන් සඳහා සමථකරණ සංකල්පය හඳුන්වා දීමේ වැඩසටහනක් අනුරාධපුර නිවන්තකචේතිය මහා විද්‍යාලයේ දී පැවැත්වුණි. අධිකරණ අමාත්‍යාංශය, සමථ මණ්ඩල කොමිෂන් සභාව, අධ්‍යාපන අමාත්‍යාංශය හා එක්ව මෙම වැඩසටහන සංවිධානය කර තිබේ. දරුවන් අතර ඇතිවන ආරවුල් ඔවුන් විසින්ම විසඳා ගැනීම සඳහා පාසල් සමථ ඒකකයක් පාසල තුළම ස්ථාපිත කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වී ඇත.
නැගෙනහිර නුවරගම් පලාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමථ වැඩසටහන් නිලධාරි ඩිනුෂා චතුරංගනි, සමථ සංවර්ධන නිලධාරිනි සචිනි ඉරේෂා මධුෂාණි, සමථ සංවර්ධන නිලධාරි මහේෂ් පෙරේරා සහ නොච්චියාගම සමථ සංවර්ධන නිලධාරී දිලානි යන මහත්ම, මහත්මීහු මෙම වැඩසටහන සදහා සම්පත් දායකත්වය සැපයූහ. විද්‍යාලයේ විදුහල්පති කුසුම් තිලක් මහතා ඇතුළු ගුරු මහත්ම මහ්තමීහු. සිසු සිසුවියෝ ඇතුළු පිරිස මෙම වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට එක්ව සිටියහ.
( බුල්නෑව ප්‍රදීප් රණතුංග )







Reply To:
Name - Reply Comment
0 Comments