කඳාන මැසිනොද් විද්‍යාලයේ ත්‍යාග ප්‍රදානයදා...
- 2025-11-03 14:57:00
 - 0 Comments
 
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කඳාන මැසිනොද් විද්‍යාලයේ2025 වාර්ෂික ත්‍යාග ප්‍රදාන උත්සවය විද්‍යාලයේ ආදිශිෂ්‍ය, වත්මන් රජයේ විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.
වාර්ෂික ප්‍රගති වාර්තාව විදුහල්පති ජානක ෆොන්සේකා සහෝදර තුමා විසින්සභාවට ඉදිරිපත් කරන ලදී.5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සමත් සිසු සිසුවියන් ඇතුළු අ.පො.ස උසස් පෙළ දක්වා ඉගෙනුම් ක්‍රියාවලියේදී විශිෂ්ට දස්කම් දැක්වූ සිසු සිසුවියන්ට සහතික පත්‍ර ප්‍රදානය කෙරුණි. 2023/2024වසරවලදී අ.පො.ස උසස් පෙළ විභාගයේදී උසස් දක්ෂතා පෙන්වා සරසවි වරම් හිමිකර ගත් 133 දෙනෙක් ආරාධිත අමුත්තන් අතින් පදක්කම් හිමිකර ගත්හ.
එසේම, අධ්‍යාපන අංශවලින් හා බාහිර ක්‍රියාකාරකම්වලින් විශේෂ දක්‍ෂතා දැක්වූ සිසු සිසුවියන් ඇගයීමට ලක්කර සම්මාන හා කුසලාන පිරිනැමීමද මෙහිදී සිදුකෙරුණි.සෞන්දර්ය අංශයේ සිසු සිසුවියන්ගේ නැටුම් ගැයුම් ආදියෙන් උත්සවය අලංකාර විය.
මේ අවස්ථාවට, ද ලාසාල් නිකායේ ප්‍රාදේශීය පාලනාධිපති සිසු සිසුවියෝ රැසක් එක්ව සිටියහ.විදුහල්පති ජානක ෆොන්සේකා සහෝදරතුමාගේ අධීක්ෂණය යටතේ නියෝජ්‍ය විදුහල්පතිවරුන් වන හෙන්රි දිසානායක හා ඇන්ටන් ගුණතිලක සහෝදර තුමන්ලාගේ උපදෙස් පරිදි විද්‍යාලයීය ගුරුමණ්ඩලය උත්සව කටයුතු සංවිධානය කරනලදී .
(විස්තර හා ජායාරුප මාකේවිට අර්නස්ට් ජයතිලක හා පමුණුගම ඇන්ටන් ජයසුරිය )

Reply To:
Name - Reply Comment
0 Comments