අම්බලන්ගොඩ විවෘත පිහිනුම් තරගාවලියේ බාලිකා ශූරතාව - මාතර සුජාතා විද්‍යාලයට බාලක ශූරතාව - ලයන් ක්‍ර
- 2018-01-02 23:59:40
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අම්බලන්ගොඩ ලයන් ජල ක්‍රීඩා පුහුණු පාසල 7 වැනි වරටත් සංවිධානය කොට අම්බලන්ගොඩ මාදම්පා ගඟේ පැවැත්වු කිලෝමීටර් 2 ක විවෘත පිහිනුම් තරගාවිලයේ සමස්ත බාලක ශූරතාව ලයන් ජල ක්‍රීඩා පුහුණු පාසල විසින් දිනා ගන්නා ලදි. සමස්ත බාලිකා ශූරතාව මාතර සුජාතා විද්‍යාලයට හිමිවිණි.
බාලක ශූරතාව අම්බල්නගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලයේ ධනුෂ්ක මධුෂාන් විසින් ද අනු ශූරතාව අම්බලන්ගොඩ මාදම්පා මහා විද්‍යාලයේ සසිදු රවිසංඛ විසින් ද තෙවැනි ස්ථානය දේවානන්ද විද්‍යාලයේ රසින් දිල්ෂාන් විසින් ද දිනා ගන්නා ලදි.
බාලිකා ශූරතාව අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලයේ ජී. ශෂිනි නවෝද්‍යා විසින් ද අනු ශූරතාව මාතර සුජාතා බාලිකා විද්‍යාලයේ විහන්ගා දිල්මිනි විසින් ද තෙවැනි ස්ථානය අනුඑරාධපුර ස්වර්ණපාලි බාලිකා විද්‍යාලයේ චමෝදි ගිරිනාගම විසින් ද දිනා ගන්නා ලදි.
තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලයේ ධනුෂ්ක මධුෂාන් ද දක්ෂතම ක්‍රීඩිකාව ලෙස එම විද්‍යාලයේම ජී. ශෂිනි නවෝද්‍යා ද ලා බාලතම ක්‍රීඩකයා ලෙස බලපිටිය රේවත විද්‍යාලයේ ජේ. රිසෝන් සංදිනු ද ලා බාලතම ක්‍රීඩිකාව ලෙස අම්බලන්ගොඩ ප්‍රජාපති ගෝතමී බාලිකා විද්‍යාලයේ තරැලි තියන්සා සම්මාන දිනා ගත්හ.
( කරන්දෙනිය එම්. සුසිල් ප්‍රියන්ත )
Reply To:
Name - Reply Comment
0 Comments